සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 741
තාලක්ෂීරක
නා.ප්‍ර. තල් හකුරු.
තාලකී
නා.ප්‍ර. තල් රා.
තාලච්ඡිද්රය
නා. යතුරු කපොල්ල; අගුල වැටෙන සිදුර; කෙසි සිදුර.
තාලනය
නා. අත්තල එකට තට්ටු කිරීම.
තාලන්පොට
නා. ඝන වාද්‍ය විශේෂයක්; කයිතාලම.
තාලනාදය
නා. තාලමක් හෝ අත්තල හෝ එකට ගැටීමෙන් නඟන රිද්මයානුකූල හඬ.
තාලප්රාණ
නා.ප්‍ර. තාලය නිසා උපදින නර්තනශීලී ගතිය; රිත්මය.
තාලඵලය
නා. තල් ගසේ ගෙඩිය; තල් ගෙඩිය.
තාලය
1. නා. නැටුම්, ගැයුම හා වැයුම කිසියම් (අභිමත) කාල සීමාවක් තුළ පිහිටුවීම සඳහා අත්ල, තාලම්පට, බෙර ආදියෙන් දක්වන තාල භේදය; තාලමානය; රිද්මය; ලය.
2. නා. ආකාරය; විලාසය; ලීලාව.
3. නා. දණ්ඩකින් ගැසීමෙන් හඬනංවන ලෝහමය තැටිය; තලිය.
4. නා. අල්ල; අත්ල.
තාලව ග්‍රන්ථි
(පාරිභා.) නා. තල්ලේ දැඩි කොටස වසා සිටින අර්ධ ශ්ලේෂමවත් පටලයේ පසු භාගයෙහි පොකුරු වශයෙන් පිහිටි ග්‍රන්ථි සමූහය. (=palatine gland).
තාලවචරය
නා. තූර්ය භාණ්ඩය; තාලවාද්යය.
තාලවණ්ටකය
නා. තල් අතු විජිනිපත හැඩයට රැලි ගස්වා එල්ලෙන සේ අඳින, එහෙත්, බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අකැප ඇඳුමක්.
තාලවණ්ටය
නා. තල් අතු විජිනි පත; තල් වැට.
තාලව්‍ය
වි. (ව්‍යාක.) තලෙන් උපදින; තල්ල උත්පත්ති ස්ථාන කොට ඇති.
තාලවාස්ථිය
නා. (සත්ව.) කොඳු ඇට සහිත සතුන්ගේ මුඛයේ මුදුන සෑදී තිබෙන සඟල පටලාස්ථිය.
තාලවෘන්තය
නා. තල් අතු විජිනි පත; තල් අත්ත; තල් වැට.
තාලස්කන්ධය
නා. තල්ගසේ කඳ; තල් ගස.
තාල්කට
(කථා.) නා. වාත්තු කිරීමේ දී ලෝහ වත්කරන කට.
තාල්කට්ට
(කථා.) නා.ප්‍ර. පිත්තල වාත්තු වැඩවල දී පාවිච්චි කරන උපකරණයක්.
තාල්කට්ටාරය
(කථා.) නා. කුඩා පිළිම තැබීම පිණිස තනන අසුන් වෙසෙසක්.
තාල්කට්ටු කරනවා
(කථා.) ක්‍රි. පමා කරනවා; ප්‍රමාද කරනවා; පරක්කු කරනවා.
තාල්පාට්ටුව
(කථා.) නා. පමාව; ප්‍රමාදය; පසුබැස්ම.
තාල්වග්රය
තාලාවචර
වි. තූර්ය භාණ්ඩය වාදක; සංගීතයෙහි යෙදුණු.