සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 740

තාරතැන්න

(කථා.) නා. නියම තත්ත්වය; ඇති සැටිය.

තාරතැලි

නා.ප්‍ර. රිදියෙන් තැනූ තැල්ල; රිදී තැල්ල.

තාරපති

නා.ප්‍ර. තරුවලට අධිපතියා; සඳ; චන්ද්‍රයා.

තාරබර

1. නා. භාණ්ඩ ආදියෙහි ශුද්ධ බර ගණන් බලා ගැනීම සඳහා දළ බරින් අඩු කරන බර; භාණ්ඩවල බර රහිත ව එවා ඔතා ඇති දැවටුම්, බහා ඇති භාජන, පෙට්ටි, වාහන ආදියෙහි පමණක් බර.
2. නා. වැඩිපුර හෙවත් අතිශයෝක්තියෙන් කියන දේ; ප්‍රයෝජනයෙන් තොර අනවශ්‍ය දේ.

තාරම්

(කථා.) නා.ප්‍ර. උඩඟුකම.

තාරය

1. නා. එතෙර වීම.
2. නා. තරුවක් බඳු මුතු ඇටය.
3. නා. උස් හඬ; උච්ච ස්වරය; සංගීතයෙහි දැක්වෙන පළමු වන ලය.
4. නා. රිදී ලෝහය.
5. නා. ඇට සැකිල්ල.

තාරයිකා

නා.ප්‍ර. එතර කරවන තැනැත්තා; එගොඩට පමුණුවන්නා; තරණය කරවන්නා.

තාරල්‍යය

(පාරිභා.) නා. තරල බව; ගලා බසින ගතිය; ඉතා ම අඩු පීඩනයට ඉඩ දෙන ස්වභාවය (=fluidity).

තාරහාර ලතාව

නා. ඉතා පැහැපත් මුතු වැළ; දිලිසෙන මුතුමාලය.

තාර්කික

වි. තර්ක කරන; තර්කානුකූල.

තාර්කිකයා

නා. තර්ක කරන්නා; තර්ක විෂයයෙහි දක්ෂයා; තර්ක ශාස්ත්‍රය උගත් තැනැත්තා.

තාරා

1. නා.ප්‍ර. තරුව; ග්‍රහ තාරකාව.
2. නා.ප්‍ර. ඇසේ කළු ඉංගිරියාව.
3. නා.ප්‍ර. උල්කා වර්ගයක්.
4. නා.ප්‍ර. අවලෝකිතේශ්වර නාථ බෝධි සත්වයන්ගේ භාර්යාව වූ දෙවඟන.

තාරා මණ්ඩලය

1. නා. ඇසේ දෘෂ්ටි විතානයට පිටුපසින් පිහිටි මැද කනීනිකාව නමින් හැඳින්වෙන (විවරයක් ඇති) කවාකාර වර්ණවත් සිවිය.
2. නා. තාරා මණ්ඩලයේ ඉදිමුම සහිත දාහය ඇති කරන අක්ෂිරෝගය; ධනුෂ්ප්‍රදාහය.

තාරාපථය

නා. අහස; ආකාශය.

තාරාභය

(පාරිභා.) නා. වෘත්තයක් තවත් වෘත්තයක් මත අභ්‍යන්තර වශයෙන් පෙරැළීමෙන් වෘත්ත පරිධිය මත ලක්ෂ්‍යයකින් අනුරේඛනය වන තුඩු හතරකින් යුත් චක්‍රය (=asteroid).

තාරාවා

නා. ජාලපාද සහිත ගෘහාශ්‍රිත ජලචර පක්ෂියා.

තාරුණ්‍යය

නා. තරුණකම; යොවුන්බව.

තාල

1. නා.ප්‍ර. බෙහෙවින් ශාඛා නොමැති ව තනි කඳකින් කෙළින් නැඟී සිටින්නා වූ ද, මුදුනෙහි නොයෙක් හැඩයෙන් ඇති විශාල කොළ (අතු) මණ්ඩලයකින් යුක්ත වූ ඝර්ම කලාපික ඒකබීජ පත්‍ර ශාක වර්ගයක්.
2. නා.ප්‍ර. ගායන නර්තනාදිය හා සම්බන්ධ කාල මානය.
1. වි. තල්ගස හෝ තාල වර්ගය පිළිබඳ.
2. වි. තාලය පිළිබඳ.

තාල පත්‍රය

1. නා. තල් කොළය.
2. නා. ලිවීම සඳහා සකස් කර ගත් තල් කොළය.
3. නා. වැසි ආදියෙන් වැළකීම සඳහා ඉහලන තල් අත්ත.

තාල පාගනවා

ක්‍රි. තාලයට අනු ව පා තබනවා; පාදවලින් තාලය අල්ලනවා; භූමිතාලය නටවනවා.

තාල වර්ගය

නා. තල්, පොල්, කිතුල් පුවක් වැනි මුදුන් මුල් රහිත වූ ද, කඳ ශාඛාවලට නොබෙදී කෙළින් ම ඉහළට නඟින්නා වූ ද ගස් පවුල; තල් ගසේ උද්භිද ලක්ෂණ ඇති ගස් ගණය.

තාල වාස්තුව

1. නා. තල්ගස.
2. නා. තල්ගස් පිහිටි ඉඩම.

තාලක

1. නා.ප්‍ර. හිරියල්.
2. නා.ප්‍ර. තලිය.

තාලක්ඛන්ධය

නා. තල් ගසේ කඳ, තල් කඳ.