සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 739
තාම්රපල්ලව
නා.ප්‍ර. තඹ පාට දලු; ළා දලු; ළපටි කොළ.
තාම්රවර්ණය
1. නා. තඹ පැහැය; මඳ රතුපාට.
2. නා. උපධාතු විශේෂයක්; සිවංගුරු.
තාම්රෝඝය
[තාම්ර + ඕඝය]
නා. තඹපාට ජල ප්‍රවාහය; තඹ වතුර; අළුත් දිය දහර.
තාම්රෝදක
නා.ප්‍ර. පැසෙන තඹ වතුර ඇති නරකය; ලෝකුඹු නරකය.
තායම
1. නා. චාටුව; රැවටිල්ල; කපටිකම.
2. නා. රැවටිලි වචනය; කපටිබස.
3. නා. සූදානම; ලක ලෑස්තිය.
තායම් මායම්
නා.බහු. චාටුකම්; රැවටීම්.
තාර
1. (සංගී.) වි. උස් වූ; උච්ච; සංගීතයේ උච්ච ස්වර නාදය පිළිබඳ ව කියැවේ.
2. වි. පිරිසිදු; නිර්මල.
3. වි. ලස්සණ; ශෝභන.
1. නා.ප්‍ර. තරු; තාරකා.
2. නා.ප්‍ර. රිදී ලෝහය.
3. නා.ප්‍ර. නැව පදවන්නා; නාවිකයා.
5. නා.ප්‍ර. ගල් අඟුරින් ලබා ගන්නා වූ අතුරු නිෂ්පාදනයක්.
තාරක
1. නා.ප්‍ර. තරුව; තාරකාව.
2.නා.ප්‍ර. (පාතඤ්ජලී දර්ශනය අනු ව) යෝගීන් හට සසරින් එතර වීමට උපකාරී වන ඥාන විශේෂයක්.
තාරකකුල
නා.ප්‍ර. තාරකා සමූහය; තරුකැල.
තාරකපති
නා.ප්‍ර. තාරකාවලට අධිපතියා; චන්ද්‍රයා.
තාරකා මානය
(පාරිභා.) නා. තාරකාවල දෘශ්‍යමාන විශාලත්වය මනින උපකරණය (=astrometer).
තාරකා මේඝය
නා. වෙන් වෙන් ව නොපෙනෙන තරම් ඈතින් පිහිටි තාරකා රාශියකින් හෝ විසරණය වූ වායු පදාර්ථවලින් හෝ අහසෙහි ඇති වන වළාකුළක් වැනි පටලය; නුබවළාව.
තාරකා වර්ණාවලිය
(පාරිභා.) නා. තාරකා කිරණින් බෙදී විහිදෙන වර්ණ මාලාව.
තාරකා විද්‍යාව
නා. ආකාශ වස්තුවල නිර්මාණය, ස්ථිතිය හා චලනය ආදිය හැදෑරීම පිළිබඳ විද්‍යාව.
තාරකාකාර
(පාරිභා.) වි. තරුවක රැස් විහිදෙන්නාක් මෙන් එක් කේන්ද්‍රස්ථානයකින් පැතිරෙන හෝ විහිදෙන.
තාරකාධිප
නා. තාරකාවනට අධිපති; චන්ද්‍රයා; තාරපති.
තාරකානිකර
නා.ප්‍ර. තරු සමූහය; තාරකා රාශිය; තරු රැස.
තාරකාව
1. නා. ස්වකීය එළියෙන් ම බබළන ආකාශ වස්තුවක්.
2. නා. තාරකා හැඩයෙන් යුත් සැරසිලි අවයවයක් හෝ පහන් කූඩු ආදිය.
තාරකාවලිය
නා. තාරකා සමූහය; තරුවැළ.
තාරකැන්පති
නා.ප්‍ර. තරු සමූහයේ අධිපතියා; චන්ද්‍රයා; සඳ.
තාරච්ඡායය
නා. තාරකාවල පිළිබිඹුව.
තාරණය
නා. එතෙර කරවීම; එගොඩ ලෑම.
තාරතා අන්තරය
(පාරිභා.) නා. තාරතාවේ, එනම්, හඬ උස් වීම හෝ පහත් වීම හෝ සමග ඇති වන ස්වරයේ වෙනස්බව (=difference of pitch).
තාරතාව
නා. හඬ උස් වීම හෝ පහත්වීම හෝ සමග ඇතිවන ස්වරයේ ගුණය; තාරත්වය.