සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 738
තාපසහ
(පාරිභා.) වි. අධික තාපයට ඔරොත්තු දෙන්නාවූ (=refractory).
තාපසාරාමය
[තාපස + ආරාමය]
1. නා. තාපසයන් වසන තැන; අසපුව; ආශ්‍රමය; පන්සල.
2. නා. රෝමානු කතෝලික පූජකයන් හෝ කන්‍යා සහෝදරියන් වසන පූජකාරාමය.
තාප්පමෝල
නා. ගොඩනැගිලි ආදිය තැනීමේ දී ගෙබිම තළා තද කොට සමතලා කරගැනීම සඳහා භාවිත කරන ලී උපකරණයක්.
තාප්පය
නා. බළකොටු, උද්‍යාන, මන්දිර ආදිය වටා බඳින බැම්බ; ප්‍රාකාරය; පවුර.
තාපාංකය
[තාප + අංකය]
(පාරිභා.) නා.ද්‍රවයක් රත් වී වාෂ්ප වීමට උවමනා කරන උෂ්ණත්වය; ජලය උතුරන උෂ්ණත්වය (=boiling point).
තාපාංශකය
[තාප + අංශකය]
(පාරිභා.) නා. ආහාර දහනය වීමෙන් ඇති වන තාපය මැනීමේ ඒකකය; කැලරිය (=calorie).
තාපාන්තරය
[තාප + අන්තරය]
(පාරිභා.) නා. යම් තැනක එක් දිනක ඇති උපරිම තාපයේත් අවම තාපයේත් අන්තරය.
තාපාවර්තනය
[තාප + ආවර්තනය]
(පාරිභා.) නා. ශාකයක් තාපයට දක්වන ප්‍රතිචාරය; පැළෑටි උෂ්ණත්වයේ වෙනස් වීම අනු ව හැරීම (=thermotropism).
තාපික
වි. තවන ලද; රත් කරන ලද; තප්ත වූ.
තාපී භවනය
නා. උණු වීම; තාපනය වීම.
තාම
1. නා.ප්‍ර. බිය; හඩ; භීතිය.
2. නා.ප්‍ර. පව; පාපය.
තාමර
1. නා.ප්‍ර. (රතු ලප ඇති) කුෂ්ඨ රෝගයක්.
2. නා.ප්‍ර. ජලය; දිය; වතුර.
3. නා.ප්‍ර. ගිතෙල්
4. නා.ප්‍ර. නෙළුම්; පද්ම; කමල.
තාමරසය
1. නා. රතු නෙළුම; පියුම.
2. නා. තඹ ලෝහය.
3. නා. රත්රන්; රන්; ස්වර්ණ.
තාමරසාකරය
තාමස
වි. මෝහයෙන් වැසුණා වූ; අඥාන; තමෝ ගුණ අධික; අන්ධකාරය.
තාම්බර ගහනවා
(කථා.) ක්‍රි. අතවර කරනවා; හිරිහැර කරනවා.
තාම්බ්ර
1. නා. තඹ ලෝගය.
2. නා. ඇත් කුලයක්.
වි. තඹවන්; තඹපාට.
තාම්බූල
1. නා.ප්‍ර. බුලත්; නාගලතා.
2. නා.ප්‍ර. බුලත් විට.
තාම්ර ලේඛය
නා. තඹ පතෙක ලියවිල්ල.
තාම්ර ලෝහෝදකය
[තාම්රලෝහ + උදකය]
නා. (උණු කිරීමෙන්) දියර බවට පත් වූ තඹ; තඹ වතුර.
තාම්රගර්භ
නා.ප්‍ර. ඖෂධ සඳහා ගනු ලබන උපධාතු වර්ගයක්; තුත්තම්.
තාම්රපට්ටය
නා. තඹ ලෝහයෙන් නිම වූ තහඩුව; තඹපත.
තාම්රපද්ම
නා.ප්‍ර. රතු නෙළුම්.
තාම්රපර්ණි
1. නා. ඈත අතීතයේ දී ලංකාව හැඳින්වුණූ නාමයක්.
2. නා. විජය කුමරු ඉදි කළ නගරය.
3. නා. දකුණු ඉන්දියාවේ ගඟක්.