සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 742
තාලිමාන
නා.ප්‍ර. කම්මලෙහි ලිප ඇවිළවීමට සුළග දෙන උපකරණය; මයිනහම.
තාලිය
1. නා. (මැටි, ගල්, ලෝහාදියෙන් කළ) කට ලොකු විශාල භාජනය; ලොකු හැළිය.
2. නා. හින්දු චාරිත්‍රානුකූල ව මනාලයා විසින් මනාලියගේ ගෙලෙහි පලඳවනු ලබන මංගල මාල විශේෂය; තැල්ල.
තාලිව්යාජයෙන්
ක්‍රි.වි. තලියක් හෙවත් තැටියක් මෙන්; තැටියක ආකාරයෙන්.
තාලු
නා.ප්‍ර. මුඛයේ උඩු හෝ යටි කොටස; තල්ල.
තාලු කණ්ටකය
නා. තල්ල වණවීම; මුඛය කැසීම හා වමනය ඇති කරන ළදරු රෝගයක්.
තාලුක
වි. තල්ල හා සම්බන්ධ.
තාලුකාව
නා.ප්‍ර. උඩුතල්ල.
තාලුජ වර්ණ
නා. තල්ලෙන් උපදින හෙවත් උච්චාරණයේ දී දිව තල්ලේ ගැටීමෙන් උපදින ශබ්ද හා සම්බන්ධ අකුර තාලුජක්ෂරය; 'ච' වර්ගය හා ඉ, ඊ, ශ යන අක්ෂර.
තාලෝපයෝගී
[තාල + උපයෝගී]
වි. තාලය ප්‍රකට කිරීමට අවශ්‍ය වූ; තාලයට අනුරූප වූ; තාලයට උපයෝගී වූ.
තාවකාලික
වි. සුළු කාලයක් පවත්නා; අස්ථිර.
තාවකාලික චුම්බකය
(පාරිභා.) නා. මෘදු යකඩ කැබැල්ලක් වටේ ඔතට ලද කම්බි දගරයක් ඔස්සේ විදුලිබලය යැවීමෙන් සාදාගන්නා කාන්දම (=temporary magnet).
තාවකාලික භාරය
(පාරිභා.) නා. යම්කිසි කෙනකු වෙනුවෙන් තවත් අයකු උසාවියේ නියෝගය පිට සුළු කාලයකට ලබන වගකීම (=provisional burden).
තාවත්
නි. එපමණ; ඒතාක්; එතරම්.
තාවතිංසය
නා. තව්තිසාව දෙලොව.
තාවභාවය
නා. එම ප්රමාණත්වය.
තාවර
වි. නොවෙනස් ව පවතින; තිර; ස්ථිර.
තාවර කරනවා
1. ක්‍රි. ස්ථිර කරනවා; තීරණය කරනවා; තහවුරු කරනවා.
2. ක්‍රි. පමා කරනවා; ප්‍රමාද කරනවා.
තාවරය
1. (කථා.) නා. වර්ෂාව පවතින අතර සුළු කාලයක පෑයීම.
2. ඉඩ කඩ; අවස්ථාව; සුදුසු කාලය; පමාව; ප්‍රමාදය.
තාවරවිස
1. නා. ශාකවල මුල්, කොළ, මල්, ඛනිජ ආදි ද්‍රව්‍යවල ඇති ස්ථාවර විෂ.
2. නා. අනුභව කරන ලද ආහාරපානාදිය එකිනෙකට විරුද්ධ වීමෙන් ඇති වන විෂ; ප්‍රතිවිෂ.
තාවරසෝප
නා.ප්‍ර. කල් අල්ලන ඉදිමුම; ස්ථාවර ශෝඵය.
තාවල්ල
1. නා. වැවක යාබද පිහිටි වගා කළ හැකි කොටස; වැව ඉස්මත්තේ ඇති කුඹුරු කට්ටිය හෝ වගා කරන බිම.
2. නා. තාවලු වගා කිරීමට ලබාගන්නා ඔප්පුව.
තාවළම
නා. තවලමෙන් ගෙන යන වෙළඳ බඩු හුවමාරු කරන මධ්‍යස්ථානය.
තාවාදිය
නා. ගලා නොයන දිය රැඳීම නිසා මඩගොහොරු බවට පත් වගුරු බිම; පල්වන දිය සහිත වගුර.
තාවාලය
නා. කුඹුරුවල වැඩි වතුර ඉස දමන යොතුගහ හෙවත් යොත්ත එල්ලන තුන් පා කතිරය.