සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 745
තැන්වැසි
1. වි. ස්ථානයෙහි වාසය කරන; ආගන්තුක නොවූ; නේවාසික.
2. වි. තැනට සුදුසු; ස්ථානෝචිත.
තැනැත්තෑ
නා. ගරු කටයුතු තැනැත්තා.
තැනි අවස්ථාව
(පාරිභා.) නා. තැන්නක් හෙවත් තැනිතලාවක් බවට පත් වීමේ අවස්ථාව (=plain stage).
තැනිතලාව
නා. තැනිතලා; බිම තලාව.
තැනිපථය
(පාරිභා.) නා. ගංගාවක පහළ කොටසෙදී ගංගාව මඟින් ගෙනයනු ලබන ද්‍රව්‍ය විසුරුවීමෙන් සෑදෙන තැනිතලා බිම (=plain tract).
තැනූරුව
නා. (ඉඩම්) බුක්තිය.
තැප්පෙනවා
ක්‍රි. ගින්දර මඳ වීමෙන් ඇට්ටකුණා වෙනවා.
තැපැල
වි. ස්ථිර අදහසක් නැති; චපල, වංචාකාර.
නා. රැවටීම; මුළාව.
1. නා. ලියුම්, විදුලිපණිවුඩ ආදිය මෙරට හා පිටරට සිටින තැනැත්තන්ට යැවීම සඳහා රජය සංවිධානය කර ඇති ක්‍රමය.
2. නා. තැපැල් මගින් ලැබෙන සහ යවනු ලබන භාණ්ඩ.
තැපැලයා
නා. ස්ථිර ප්‍රතිපත්තියක් නැති තැනැත්තා; චපල පුද්ගලයා; චපලයා.
තැපැල් ඇණවුම
(පාරිභා.) නා. තැපෑලෙන් මුදල් යැවීමේ උපක්‍රමයක්; දුර බැහැර සිටින්නකුට සුළු මුදලක් යැවීමේ දී, එම මුදල් තැපැල් කාර්යාලයට ගෙවා ඒ වෙනුවෙන් ලබා ගන්නා බලපත්‍රය; පෝස්ටල් ඕඩරය.
තැපැල් කන්තෝරුව
නා. තැපැල් කටයුතු සම්බන්ධ වැඩ කාර්යාලය; තැපැල්හල.
තැපැල් කරනවා
ක්‍රි. තැපැල් ක්‍රමය අනු ව ලියුම, පාර්සල් ආදිය යවනවා.
තැපැල් ගාස්තුව
(පාරිභා.) නා. තැපැල් මගින් යවන ලිපි, ද්‍රව්‍ය ආදියට බර අනු ව මුද්දරවලින් ගෙවන මුදල; මුද්දර ගාස්තුව.
තැපැල්කරු
නා. ලියුම්, තැපැල් භාණ්ඩ, නියමිත අයට බෙදාදීම රජයෙන් පත් කළ පුද්ගලයා; තැපැල් පියුන්.
තැපැල්පත
නා. කවරයක් රහිත ව තැපෑලෙන් යැවීම සඳහා එක්තරා මුදලක වටිනාකම ඇති ව මුද්‍රිත මුද්දරයක් සහිත ව සකස් කළ ලිපි පත.
තැබ්බරය
1. (කථා.) නා. පරක්කුව; පමාව; ප්‍රමාදය.
2. නා. බලවත් ඉල්ලීම; පෙරැත්තය.
තැබෑරුම
නා. (රජයේ අවසර ඇති ව) මත්පැන් විකුණන ස්ථානය; සුරාසල; අවන්හල; ආපනශාලාව.
තැම්බුම්හොද්ද
නා.ප්‍ර. ගිලන් අයට හා උදරාබාධයෙන් පෙළෙන්නන්ට දෙන සූපයක් හෙවත් හොදි වර්ගයක්; මිරිස් හොද්ද.
තැම්බෙනවා
1. (කථා.) ක්‍රි. පිසෙනවා.
2. ක්‍රි. (නොපැසුණු ගෙඩි ආදිය) අව්වට තැවෙනවා.
3. ක්‍රි. විනාශ වී යනවා.
තැඹ
නා.ප්‍ර. කණුව; කුලුන; ටැඹ; ස්තම්භය.
තැඹිටි
(කථා.) වි. මේරීමට පළමු නරක් වූ; කුරුවල්; කුරෝලු.
තැඹිටිය
(කථා.) නා. නොමේරූ ගෙඩිය; ළපටි ගෙඩිය.
තැඹිලි
නා.ප්‍ර. රන්වන් හෝ තද කහ පැහැයෙන් යුත් ලෙල්ලක් සහ මිහිරි රසැති මදයකින් හා දියරයකින් යුතූ කුඩා පොල් විශේෂයක්.