සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 746

තැඹිලිතෙල්

නා.ප්‍ර. පැසුණු තැඹිලි පොල්වලින් සිඳගත් තෙල්; තැලි තෙල්.

තැඹිලිතොට

1. නා.ප්‍ර. ගංගා නම් ගඟෙහි මෝයෙහි පිහිටි නැව් තොටක නාමය; තාම්‍රලිප්තිය.
2. නා.ප්‍ර. දෙවැනි මිහිඳු රජු විසින් පොළොන්නරුවේ ඉදි කළ පිරිවෙනක නාමය.

තැර දෙනවා

ක්‍රි. තෙරපෙනවා; ගැටී සිටිනවා.

තැරව් කරුවා

1. නා. අනුන් වෙනුවෙන් බඩු මිලට ගැනීමේ හෝ විකිණීමේ කටයුතුවල යෙදී කොමිස් මුදලක් (ලබන තැනැත්තා) අතරමැදි පුද්ගලයා.
2. කොටස් වෙළඳපොලේ ගනුදෙනුවල දී කටයුතු කරන අතරමැදි පුද්ගලයා.

තැරැව් ගාස්තුව

නා. තැරවුකාරයන් අයකර ගන්නා කොමිස් මුදල; බ්‍රෝකර් ගාස්තුව; තැරැව්ව.

තැරි ගහනවා

1. ක්‍රි. ඉරනවා; ඉරා දමනවා.
2.(කථා.) ක්‍රි. පොල් ගෙඩියක තැරියේ සිට අනෙක් කොන දෙසට සිහින් පටියක් වැනි කොටසක් මතුකර ගන්නවා.

තැරිය

1. නා. පොල්, තල් ආදියෙහි නැට්ට හා ගෙඩිය හා කරන පෙත්ත; මණිපත්‍රය.
2. (කථා.) නා. ගහක අතු දෙක බෙදෙන තැන; දෙබල.
3. නා. දෙකලවා අතර ඇති ඉඩ; දෙපරැන්ද.
4. නා. රාජකාරිය උසස් ලෙස ඉටු කළ රජයේ නිලධාරීන්ට ප්‍රදානය කෙරෙන පදක්කම.
5. නා. ළපටි ගෙඩිය; නොමේරූ ඵලය.

තැලමස

(පාරිභා.) නා. මොළයේ කොටසක්; ස්නායුවක් විශේෂයෙන් දෘෂ්ටි ස්නායුව පටන් ගන්නා හෝ පටන් ගන්නා සේ පෙනෙන හෝ ස්ථානය (=thalamus).

තැල්ම

නා. පහර දීමකින් හෝ යමක් වැදීමකින් සම යටින් ඇති වන තුවාලය; සමෙහි ඇති වන දැඩිබවකදී ලේ කැටි ගැසීම; තැළුම.

තැල්ල

1. නා. (පිහි, උදලු ආදියෙහි) තලය.
2. නා. අත්ලෙහි අල්ලන ප්‍රමාණය.
3. නා. මනමාලයා මනමාලියගේ කරෙහි බඳින මාලය; කර පලඳනාව; තාලිය.
4. නා. කුකුළු, කලුකුම් ආදි පක්ෂීන්ගේ හිසෙන් නැගී සිටින හෝ බෙල්ලෙන් පහළට එල්ලෙන වර්ණවත් මස් වැදැල්ල.
5. නා. එළු, ගව ආදි සතුන්ගේ බෙල්ලෙන් පහළට එල්ලා වැටෙන හම; තැලිපට; ගල කම්බලය.
6. (පාරිභා.) නා. හත්තක කුඩය වැනි කොටසෙහි යටිපැත්තේ වලයාකාර කුහරය මුදුනේ තිරස් අතට විහිදෙන තුනි දාර රැස හෙවත් සුස්කර.
7. නා. ඔරු පාරු, ගල්තලා ආදියෙහි තල්ලක් මෙන් ඉදිරියට නෙරා යන කෙළවර.
8. නා. බඳුන; භාජනය; තලිය.
9. නා. ඔක්කාරය; උද්ගාරය.
10. නා. රාම තෙල් නැඟීම.

තැල්ලියම්

(පාරිභා.) නා.ප්‍ර. ලෝහමය මූල ද්‍රව්‍යයක් (=thallium).

තැලි

වි. බුරුල්; ලිහිල්.

තැලි ගන්නවා

1. ක්‍රි. ඔක්කාරය කරනවා; වමනය කරනවා.
2. ක්‍රි. රාමතෙල් නඟනවා.

තැලි නඟනවා

ක්‍රි. වමනයට එනවා; ඔක්කාරයට එනවා. සතුන්ගේ බෙල්ලෙන් පහළට

තැලිතෙල්

නා.ප්‍ර. තැඹිලි තෙල්.

තැලිපට

නා.ප්‍ර. එළු ගව ආදි එල්ලා වැටෙන හම; ගල කම්බලය.

තැලිපිළි

නා.බහු. මංගල පෝරුව මත දී මනමාලයා මනමාලියට පළදවන මාලය සහ අන්දවන වස්ත්‍රය.

තැලිමදය

(පාරිභා.) නා. හත්තේ තැල්ලෙහි මැද පෙදෙසේ ඇති එකිනෙක මත වෙළුණු දිලීර සූත්‍රිකාවලින් සෑදුණු කොටස (=trama).

තැලියා

(කථා.) නා. වලහා.

තැලිවළ

නා. උදරයට ඉහළින් පපුවෙහි වළ ගැසුණාක් මෙන් ඇති ස්ථානය.

තැලිවැල්

නා.බහු. ස්ත්‍රී ආභරණ විශේෂයක්.

තැව

නා.ප්‍ර. තපෝගුණය; තපස.

තැව් ගහනවා

ක්‍රි. මද වශයෙන් අවුවට වේලෙනවා.

තැව්කඩ

(පාරිභා.) නා. විද්‍යුත් තාපයක තිබෙන තාපය ඇති කරවන කොටස; ප්‍රතිරෝධ කම්බිය (=element).