සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 747
තැව්ව
(කථා.) නා. ලොකු ගස් පොරොවෙන් කැපීමේ දී ඇදේට කපන කැපුම; අලුව.
තැවුම
1. නා. තැවීම; රත් කිරීම; රත් වීම; උණුසුම් කිරීම; උණුසුම් වීම.
2. නා. සිත්තැවුල; චිත්ත සන්තාපය; මානසික වේදනාව.
තැවුම්කඩ
නා. (සිරුර) තැවීම සඳහා ගන්නා රෙදිකඩ.
තැවුල
1. නා. තාපයට භාජනය වීම; තැවීම.
2. නා. පසුතැවිල්ල; පශ්චත්තාපය.
තැස
1. නා. සත්ත්ව ශරීරයෙහි සිවිය; ඇඟේ හම.
2. නා. හාල් ඇටය වටා ඇති ඉතා තුනී වූ දුඹුරු පැහැති සිවිය; නිවුඩ්ඩ.
3. නා. ඊයම්.
තැස් ලනවා
ක්‍රි. ගොනුන් තප්පුලනවා.
තැසි
නා.ප්‍ර. වඩුවා.
තැහැරි
නා.ප්‍ර. රෙදි විවීමේ දී (හරස්) නූල් පුරවා නඩාවට දමන උපකරණය; නූල් වෙළුව; ඉද්ද.
තැහැරි පැස
නා. තැහැරි දැමූ බඳුන; නූල්කූරු පෙට්ටිය; තසර භාජනය.
තැළිම්බුව
(කථා.) නා. යටිපතුලේ කිසියම් තැනක තැළීම නිසා තද ස්වභාවයක් ඇතිවීමෙන් හටගන්නා ගෙඩි විශේෂය; ගල් තැළුම.
තැළුම් කනවා
ක්‍රි. තැලීම් ලබනවා; පහර ලබනවා.
තෑගය
නා. තෑග්ග.
තෑග්ග
නා. සුහදතාවයෙන් දෙන දෙය; තුටු පඬුර; තිළිණය.
තෑගි ඔප්පුව
නා. චංචල හෝ නිශ්චල දේපළ හෝ තෑගි වශයෙන් පවරා දීමේදී ලියා දෙන නීත්‍යනුකූල ලියවිල්ල.
තෑගිබෝග
නා.ප්‍ර. තෑගි වසයෙන් දෙන දේ.
තෑජ කරනවා
ක්‍රි. ඉවත් කරනවා; පන්නා හරිනවා; තෙරපනවා.
තෑන්ද
1. නා. ඇඳක වියන් තට්ටුව.
2. නා. ඇඳක ඉස පැත්තේ සහ පය පැත්තෙ සවිකළ ගරාදි සහිත රාමුව.
තෑය
(කථා.) නා. කැලේ කඩන ලද මී වද ගෙන ඒම සඳහා වැල්වලින් සාදාගන්නා උපකරණය.
තෑල
නා.ප්‍ර. සරුව පිත්තල පටි; අලංකාර ලෙස පෙනෙන, එහෙත් නොවටින දේ.
තිංස
වි. තිස් ආකාර; තිසක් වූ; තිස් වැදෑරුම්.
තිංසකය
නා. (විනය.) සංඛ්‍යා වශයෙන් තිහක් වූ ගොඩ; තිසකින් යුක්ත කොටස; තිහක් අඩංගු කාණ්ඩය.
තික
වි. තුනකින් යුතු; තුනක් පිළිබඳ; තුනේ කොටස්වලින් යුක්ත.
නා.ප්‍ර. තුන; තුනකින් යුක්ත වූව; ත්‍රිකය.
තික නිපාතය
නා. අංගුත්තර නිකායේ ධර්ම කොටස් තුන තුන බැගින් දක්වන නිපාතයේ නාමය.
තිකල්ප
නා.ප්‍ර. බුදු, පසේ බුදු, මහ රහත් දෙමාපිය ආදින්ට ගැරහූ අය උපදනා, කල්ප තුනක් දුක් විඳුවන නරකය.