සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 748
තික්
1. නා.ප්‍ර. සැඩ කිරණ; චණ්ඩ රශ්මිය.
2. නා.ප්‍ර. පුල්ලි; ලප.
3. වි. පුල්ලි වැටුණු; ලප ඇති; තිත් ඉසුණු.
4. වි. තියුණු; තීක්ෂණ.
තික් මෙරද
1. නා.ප්‍ර. හිරු; සූර්යයා.
2. නා.ප්‍ර. රශ්මිය.
තික් රැස
1. නා.ප්‍ර. හිරු; සූර්යයා.
2. නා.ප්‍ර. රශ්මිය.
තික් හුලිහිය
නා. තියුණු වූ උල් අඟ; තීක්ෂ්ණ වූ ශෘඞ්ගය.
තික්කල්
නා. චණ්ඩ රශ්මිය ඇති කාලය; ග්‍රීෂ්ම කාලය.
තික්කු
වි. කලබල; තිගැස්සෙන; හදිසියේ ම පැන නඟින.
තික්කු වෙනවා
ක්‍රි. කලබල වෙනවා; තිගැස්සෙනවා; බිය වෙනවා.
තික්ඛින්ද්රිය
නා. තියුණු ඉන්ද්රිය; තීක්ෂ්ය ඉන්ද්රිය.
තික්ඛින්ද්රියයා
නා. තියුණු ඉන්ද්රිය ඇත්තා; ප්‍රඥා ආදි ඉන්ද්රිය මේරු තැනැත්තා.
තික්ත
වි. පැණිරසට විරුද්ධ රසැති; අමිහිරි; කටුක රසයෙන් යුක්ත.
තික්ත වතුර
නා. (ක්‍රිස්ති.) විවාහක ස්ත්‍රියකගේ පතිව්රතාව පිරික්සීම සඳහා ඇයට බීමට දෙන ශුද්ධ ජලය.
තික්ත වෙනවා
1. ක්‍රි. අමිහිරි වෙනවා; තික්ත රසයෙන් යුක්ත වෙනවා.
2. ක්‍රි. අප්‍රිය වෙනවා; අප්‍රසන්න වෙනවා; එපා වෙනවා.
තික්තාශය
නා.ප්‍ර. ශරීරයේ පිත නිපදවන ඉන්ද්රිය; පිත්තාශය.
තිකිච්ඡක
නා.ප්‍ර. රෝගවලට පිළියම් කරන්නා; වෛද්‍යවරයා; චිකිත්සකයා.
තිකිච්ජාව
නා. ලෙඩට කරන පිළියම; වෙදකම; චිකිත්සාව.
තිකිණි
වි. තියුණු; දැඩි; තීක්ෂණ.
තිකිණිය
නා. තියුණු කුස ගින්න; තීක්ෂ්ණාග්නිය.
තිකුළු
1. නා.ප්‍ර. ත්රිකටුකය; කටුක රසය ඇති ගම්මිරිස්, ඉඟුරු, තිප්පිලි යන කටුක හෙවත් කුළු ද්‍රව්‍ය තුන.
2. නා.ප්‍ර. මහමෙර උසුලා සිටින බව කියන මුදුන් තුනක් ඇති ත්රිකුට පර්වතය.
තිඛිණ
වි. තියුණු; තීක්ෂ්ණ වූ.
තිගන්ධය
නා. කපුරු, අගිල් සහ සඳුන් යන සුවඳ වර්ග.
තිගාවුත
නා.ප්‍ර. තුන් ගවුව; ගවු තුන.
තිගැස්සෙනවා
ක්‍රි. බිය, හදිසි කලබල ආදිය නිසා තැති ගැනෙනවා; කම්පනය වෙනවා.
තිගුණ
1. නා. තුනෙන් වැඩි වූ ප්‍රමාණය; තුන් ගුණය; තෙගුණය.
2. නා. සාංඛ්‍ය දර්ශනය අනුව ලොවෙහි නිර්මිත සැම වස්තුවක ම ඇතැයි සලකනු ලබන සත්ත්ව, රජස්, තමස් යන ගුණ තුන.
තිචීවරය
නා. තනිපට (උත්තරාසංග), සිවුර දෙපට සිවුර (සංඝාටි) සහ අඳනය (අන්තරවාසක) යන තුන් සිවුර.