සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 749
තිජ
වි. කර්මාදි හේතු තුනකින් උපන්.
නා.ප්‍ර. ගින්න.
තිණ
නා.ප්‍ර. තෘණ; තණ පත.
තිණ සන්ධාරකය
නා. (විනය.) තණ අතුරා සකස් කළ අසුන; තණ ඇතිරිය.
තිණ සයනය
නා. තණ අසුන; සිද්ධාර්ථ බෝධි සත්ත්වයන් කුස තණ ඇතිරීමෙන් බෝ මැඩ සාදාගත් ආසනය.
තිණදද
නා.ප්‍ර. උණ ගස.
තිණපස
නා.ප්‍ර. ඊතණ, උක්, වැලුක්, රණඋණ හා ඉලුක් යන තෘණ වර්ග පස.
තිණපුප්ඵක
නා.ප්‍ර. විෂ මල් ඇසුරින් හමන සුළඟ වැදීමෙන් හටගන්නා රෝගයක්.
තිණබිසි
නා.ප්‍ර. (විනය.) වියළි තණ පත් බහා සාදන ලදුව භික්ෂූන්ගේ පරිහරණයට කැප බිසි වර්ග පහෙන් එකක්.
තිණරුක්
නා.ප්‍ර. තෘණ පවුලට හෙවත් තාල වර්ගයට අයත් ගස්.
තිත
නා. (ව්‍යාක.) වාක්‍යයන් අවසානයේ යොදන විරාම ලකුණ; නැවතීමේ ලකුණ.
තිතඳුර
තිත්
1. නා.ප්‍ර. තොටුපළ; තොට; තීර්ථය.
2. නා.ප්‍ර. (මිථ්‍යා) ලබ්ධිය.
3. නා.ප්‍ර. උපාය.
4. නා.ප්‍ර. පිරිසිදු ජලය.
5. නා.ප්‍ර. ගුරුවරයා; උපදේශකයා.
6. නා.ප්‍ර. තිත්ත රසය.
7. නා.ප්‍ර. සෑහීම; තෘප්තිය.
තිත්ගැසෙනවා
ක්‍රි. ලප ඇතිවෙනවා; තිත් ඇති වෙනවා.
තිත්ත
1. වි. තික්ත හෙවත් අප්‍රසන්න; අමිහිරි
2. වි. දැඩි; තද.
තිත්ත වෙනවා
ක්‍රි. එපා වෙනවා; අප්‍රිය වෙනවා.
තිත්තයා
නා. මිරිදිය මත්ස්‍ය විශේෂයක්.
තිත්ථ
1. නා.ප්‍ර. තොටුපළ; නානතොට.
2. නා.ප්‍ර. දෘෂ්ටිය (බුදුන් වහන්සේගේ කාලයෙහි වූ) දෙසැටක් දෘෂ්ටි.
3. නා.ප්‍ර. තීර්ථකයා; දෙසැටක් දෘෂ්ටීන්ගෙන් එකක පිහිටි තැනැත්තා.
තිත්ථචෝළය
නා. නාන තොටක දමාගිය රෙදිකඩ.
තිත්ථඤ්ඤුතාව
නා. බහුශ්රැතයන්ගේ ඇසුර; තීර්ථඥතාව.
තිත්ථවාසය
නා. සුදුසු ස්ථානයක වාසය කිරීම.
තිත්ථිය
වි. තීර්ථකයන් පිළිබඳ වූ; තීර්ථක.
තිත්ථිය පබ්බජ්ජාව
නා. බුදුසසුනෙන් පිටස්තර ව බලන පැවිද්ද; තීර්ථක ප්‍රව්‍රජ්‍යාව.
තිත්ථිය ව්‍රතය
නා. තිර්ථකයන්ගේ ආගමික වත් පිළිවෙත.
තිත්ථියපක්කන්තකයා
නා. තීර්ථකයන්ගේ දහම පිළිගෙන ඔවුන් කරා ගොස් එම වේශය පිළිගන්නා බෞද්ධ උපසම්පදා භික්ෂුව.
තිත්පළ
නා. තිප්පොළ.