සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 812
ද්යුති
නා.ප්ර. කාන්තිය, ප්රභාව, දිලිසීම.
ද්යුතිමත්
වි. කාන්ති ඇති; ප්රභාවෙන් යුක්ත; දිලිසෙන.
ද්යෝතක
වි. හෙළිකරන, ප්රකට කරන, පැහැදිලි කරන, ප්රශංසා කරන.
ද්රව විද්යාව
(පාරිභා.) නා. ද්රවයක ගති ලක්ෂණ පැවැත්ම ආදිය පිළිබඳ හදාරන ශාස්ත්රය; ද්රව ගලායාම පිළිබඳ ව උගන්වන විද්යාව.
ද්රවණය
නා. ද්රවයක් මගින් යම්කිසි ද්රව්යයක් දිය කරමින් සම ජාතීය ද්රාවණයක් සෑදීම; දියරබවට පැමිණ වීම.
ද්රවපීඩනය
නා. දියරයකින් හට ගන්නා තෙරපීමේ ප්රමාණය; ජලයේ තෙරපීම.
ද්රවමානය
නා. ද්රවයක විශිෂ්ට ගුරුත්වය මැන ගැනීම සඳහා යොදා ගනු ලබන උපකරණය; හයිඩ්රොමීටරය.
ද්රවය
1. නා. යම්කිසි පදාර්ථයක ඝන අවස්ථාවටත් වායුමය අවස්ථාවටත් අතර ස්වභාවය; දියරය; තරලය.
2. නා. මෝරු.
3. නා. උක්සකුරු.
ද්රවශීලතා
(පාරිභා.) නා.ප්ර. කිසියම් ධනයක් හෝ වස්තුවක් මුදල් බවට හැරවිය හැකි ශක්තිය.
ද්රවස්ථිති විද්යාව
(පාරිභා.) නා. නිශ්චල ද්රවවල පීඩනය හා බලය හැදෑරීම පිළිබඳ ශාස්ත්රය.
ද්රව්ය යෝගය
නා. (ක්රිස්ති.) දිව්ය හා මනුෂ්ය ස්වභාවයන් එක්වීම; දේවමානුෂ ස්වභාවයෝගය.
ද්රව්යක්ෂය
නා. ධන ධාන්ය නැති වී යාම; ධන විනාශය; වස්තු හානිය.
ද්රව්යධර්ම විද්යාව
නා. භෞතික වූ ද්රව්යවල ගති ලක්ෂණ පිළිබඳ ශාස්ත්රය; භෞතික විද්යාව.
ද්රව්යය
1. නා. භෞතික වස්තුව; භාණ්ඩය; දෙය.
2. නා. මිලමුදල්, ඉඩකඩම් ආදි වස්තුව; ධනය.
3. (පාරිභා.) නා. ස්කන්ධයක් සහ පරිමාවක් ඇති වස්තුව; බොහෝ විට නිශ්චිත සංයුතියකින් යුත් සමජාතීය පදාර්ථ විශේෂයක්.
4. නා. මූල ද්රව්යය; මූල පදාර්ථය.
ද්රව්යවාදය
නා. සියල්ල රඳා පවත්නේ ද්රව්ය මතබවත්, ඒ නිසා ද්රව්ය ප්රධානබවත් කියැවෙන දර්ශනය; භෞතික වාදය.
ද්රව්යාන්විත
වි. මූල පදාර්ථයන්ට අනුකූල වූ; ද්රව්යයන්ට අනුරූප වූ.
ද්රවාංකය
නා. ඝන වස්තුවක් ද්රවයක්බවට පත් වීමට අවශ්ය වන උෂ්ණත්වය; ඝන වස්තුවක් උණු වී දියර බවට පත්වීමේ දී පවතින උෂ්ණත්වය.
ද්රවිඩ
නා.ප්ර. ජන වර්ගයක නාමය හා එම ජන වර්ගයට අයත් පුද්ගලයින් ව්යවහාර කරන භාෂාව.
ද්රවීකරණය
(පාරිභා.) නා. ගෑස් ආදි වායුවක් හෝ ඝන ද්රව්යයක් දියර බවට පත් කිරීම; ද්රවකරණය (=liquefaction).
ද්රවීකෘත
වි. දියර බවට පත් කරන ලද; ද්රව ස්වභාවයට හැරවූ.
ද්රවීභූත
වි. දියරයක් බවට පත්; ද්රවයක් බවට හැරවුණු.
ද්රාව
(පාරිභා.) වි. ව විද්යාව පිළිබඳ විද්යාව; ජලශක්ති හා සම්බන්ධ.
නා.ප්ර. ද්රව වූ දෙය; දියරය.
ද්රාවක ශක්තිය
නා. දිය කළ හැකි බලය; දිය කිරීමේ බලය.
ද්රාවකය
නා. (රසා.) ද්රව්යයක් දිය කරනු ලැබීමේ බලයක් ඇති දෙය.