සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 892
නර කෙස්
නා. පැසුණු හිස කෙස්.
නරංග
නා.ප්‍ර. ආලයට අධිපති දෙවියා; අනංගයා; කාම දේවයා.
නරක
1. වි. හොඳ යැයි සම්මත දේට විරුද්ධ; ගුණ ධර්මයෙන් තොර; පාප ක්‍රියාවල යෙදෙන.
2. වි. අප්‍රියකර; අසතුට දනවන; අහිතකර; අපථ්‍ය.
3. වි. බාල; තත්ත්වයෙන් පහත්; වටිනාකමක් නැති.
නා.ප්‍ර. අයහපත; අයුක්තිය; නොමනා දෙය; අසාධරණය.
නරකය
නා. පව්කළ අය උපදිතැයි සැලකෙන අතිශය දුක්බර භව තලය; අපාය; නිරය.
නරකාදිය
1. නා. නරකය; නිරය.
2. නා. පිළිකුල් සහගත ස්ථානය හෝ දෙය; අපවිත්‍ර දෙය.
නරකුරු
නා.ප්‍ර. නරාක්ෂර; මනුෂ්‍යාක්ෂර; ඉෂ්ට අනිෂ්ට අක්ෂර ගණයේ දී මධ්‍යම තරමින් යහපත් යැයි සැලකෙන උ, ප, බ, ග, හ යන අකුරු.
නරඟන
නා.ප්‍ර. මනුෂ්‍ය ස්ත්‍රිය; ගැහැනිය.
නරණ
1. නා.ප්‍ර. විෂ්ණු දෙවි.
2. නා.ප්‍ර. රජ.
නරතුර
1. ක්‍රි.වි. නිරතුරු; නිතර; නිරන්තරයෙන්.
2. අතරක් නැති ව; අතුරු සිදුරු නොමැති ව; එකින් එක හැප්පී.
නරද
1. නා.ප්‍ර. ඊතලය; හීය; යහුල.
2. නා.ප්‍ර. නාගරාජයා.
නරදම්සැරි
නා.ප්‍ර. දමනයට සුදුසු පුද්ගලයන් දමනය කොට ඔවුන් නිසි මග යවන්නා වන බුදුරජාණන් වහන්සේ.
නරදිපති
නා.ප්‍ර. මිනිසුන්ගේ නායකයා; රජ.
නරනිඳු
නා. රජු; නරේන්ද්‍රයා.
නරපවර
1. නා.ප්‍ර. බුදුරද; මුනිරජ.
2. නා.ප්‍ර. රජ.
නරපා
නා.ප්‍ර. නරනිඳු.
නරඹනවා
ක්‍රි. ඇසින් බලනවා; අවලෝකනය කරනවා; නිරීක්ෂණය කරනවා.
නරඹු
[නර + අඹු]
නා.ප්‍ර. මනුෂ්‍ය ස්ත්‍රිය; ගැහැනිය.
නරයහන්
නා.ප්‍ර. මිනිසකු වාහනය කොට ඇත්තා; වෙසවුණු දෙව්රජ; වෛශ්‍රවණ.
නරලොව
නා. මිනිසුන් වාසය කරන ලෝකය; මිනිස් ලොව; මනුෂ්‍ය ලෝකය.
නරසිංහ
1. නා.ප්‍ර. මිනිසුන් අතර සිංහයකු වැන්නා; ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා; බුදුහු.
2. නා.ප්‍ර. නර ශ්‍රේෂ්ඨයා; රජ.
නර්තකයා
නා. නටන්නා; රඟ දක්වන්නා; නාට්‍ය ශිල්පියා; නළුවා.
නර්තනය
1. නා. නැටුම; රඟපෑම; නෘත්‍යය; අභිනය.
2. නා. අලංකාර දර්ශනය.
3. නා. ගීතිකා කණ්ඩායම.
4. (පාරිභා.) නා. අතපය හෝ මුහුණ හෝ ඉබේ නැටවෙන ස්නායු රෝගයක්; කෝරියම.
නර්මාලාපය
නා. නරුම බස්; අනුන් හාස්‍යයට භාජන කරන කතාව; ඇනුම්පදය.
නරාධමයා
නා. ඉතා පහත් ගති පැවතුම් ඇති පුද්ගලයා; නීචයා.