සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 891
නමස්කාරය
නා. වැඳීම; වන්දනය; ප්‍රණාමය; අභිවාදනය.
නම් කරනවා
1. ක්‍රි. නමක් දෙනවා; නම් තබනවා.
2. ක්‍රි. ඡන්දයෙන් නොව නිලබලයෙන් (මන්ත්‍රී පදවි ආදියකට) පත් කරනවා.
3. ක්‍රි. පාර්ලිමේන්තුව තුළ නියමයක් නොපිළිපැදීම නිසා කථානායකවරයා මන්ත්‍රීවරයකු සබාගැබින් ඉවත් කිරීමට යෝජනා කරනවා.
නම් ප්‍රසිද්ධ කරනවා
ක්‍රි. විවාහ ගිවිසගත් පසු නීත්‍යනුකූල ලියවිල්ලකින් ප්‍රකාශයට පත් කරනවා; නම් දෙනවා.
නම්ගොත්
නා.ප්‍ර. කෙනෙකුගේ නාමය හා ඒ සම්බන්ධ පරපුර විස්තරය.
නම්න
වි. නැමුණා වූ; වක ගැසුණු; පහත් වුණු; අවනත වූ; දැමුණු.
නම්බුකාර
1. වි. කාගේත් සැලකිලි ලබන; හොඳ නමක් පවතින; වැදගත් පරම්පරාවකට අයත්.
2. වි. හොඳ චරිතයක් ඇති; හොඳ නම රකින.
නම්බුකාරයා
නා. ගරුකටයුතු තැනැත්තා; සම්භාවනීය පුද්ගලයා; වැදගතා; උසස් පෙළපතකින් පැවැත එන තැනැත්තා.
නම්බුනාමය
නා. කරන ලද උදාර සේවාවක් හෝ උසස් ක්‍රියාවක් අගය කිරීම් වශයෙන් රජය විසින් හෝ වෙනත් පිළිගත් ආයතනයක් විසින් හෝ පිරිනමනු ලබන ගරු නාමය; පටබැඳි නාමය.
නම්බුව
නා. ගෞරවය; වැදගත්කම; බුහුමන.
නම්වරය
1. නා. යමකුගේ නම පදිංචිය ආදි විස්තරය; ලියුම් ලැබෙන පිළිවෙළ; ලිපිනය.
2. නා. අංකය; නොම්බරය.
නම්‍යතාව
1. නා. නැමෙනසුලු ගතිය; වෙනස්වීම.
2. නා. ලිහිල්බව; තද භාවයෙන් තොර; මොළොක් ස්වභාවය.
3. (පාරිභා.) නා. ආර්ථික විද්‍යාවේ දැක්වෙන නියමයක්; කිසියම් කරුණක සිදුවන වෙනසකට තවත් කරුණක් දක්වන ප්‍රතිචාරය.
නමාගන්නවා
1. ක්‍රි. පහතට ඇද ගන්නවා; හකුළා ගන්නවා; වක්‍රතාව ඇති කරනවා.
2. ක්‍රි. අවනත කරගන්නවා; කැමති කරගන්නවා; යොමු කරගන්නවා.
3. ක්‍රි. එක පැත්තකට ගමන කරනවා; ඇදී යනවා.
නමිත
වි. නැමුණු; නමන ලද; අවනත වූ; ඇලවූ.
නමෝවිත්තියෙන්
ක්‍රි.වි. මුලින් ම; පළමුවෙන් ම; ආරම්භයේ දී ම; හාපුරා.
නය
1. නා.ප්‍ර. ක්‍රමය; ආකාරය; පිළිවෙළ; විධිය.
2. නා.ප්‍ර. න්‍යායය; නීතිය; සිද්ධාන්තය.
නයන
1. නා.ප්‍ර. පැමිණවීම; ගෙනයාම.
2. නා.ප්‍ර. ඇස; අක්ෂිය; නුවන; නේත්‍රය.
නයනාරෝග්‍ය ශාලාව
නා. ඇස්වල ඇති වන ආබාධ සඳහා ප්‍රතිකාර කරන වෛද්‍යායතනය; ඇස් රෝහල.
නයිට්රජන්
නා.ප්‍ර. පාටක් හෝ ගඳක් හෝ නැති ලොව බහුල ම වායුමය මූල ධාතුව; ජීවාන්තක වායුව.
නයිදෙ
1. නා.ප්‍ර. ශිල්ප කුලවල පිරිස් භාවිතා කළ ගෞරව නාමයක්.
2. නා.ප්‍ර. සෙංකඩගල රාජධානි සමයෙහි ඇතැම් නිලධාරින් සහ කුලවතුන් භාවිත කළ ගෞරව නාමයක්.
නයිලෝන්
1. නා.ප්‍ර. රසායනික මිශ්‍රණයකින් සාදනු ලබන ඉතා ශක්තිමත කෘත්‍රිම සේද කෙඳිවර්ගයක්.
2. නා.ප්‍ර. එම කෙඳිවලින් වියනු ලබන රෙදි ලණු ආදිය.
නයිසයි ආඥාව
(පාරිභා.) නා. විනිශ්චයක් වෙනස් කිරීම සඳහා නියම කරනු ලබන දිනයට කලින් හේතු නොදැක්වුවහොත් වලංගු වන උසාවි ආඥාව.
නයු
නා.ප්‍ර. නායක; ප්‍රධාන; අධිපති.
නර
නා.ප්‍ර. මිනිසා; මනුෂ්‍යයා.
නර ඉසුරා
නා. රජ; නිරිඳු.