සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 893

නරාව

1. නා. ගසක කඳ දිරා යාමෙන් ඇති වන සිදුර; රුක් බිලය; කෝටරය.
2. නා. ගස් මුල් දිරා ගිය තැන්වල බිම ඇති වූ වළ.
3. නා. ගිනි කඳු විවරය; යමහල් මුඛය.

නරාවළ

1. නා. පල්වතුරෙන් පිරුණු ගැඹුරු වළ.
2. නා. කඳ දිරාගිය තැන වූ බිම් සිදුර.

නරි නාටකය

නා. අවඥාවටත් හාස්‍යයටත් භාජන වන දෙය; විගඩම; විකාරය.

නරිවාදම

නා. පුරසාරම් වචනය; ආත්ම වර්ණනාව; පුරාජේරුව.

නරු බලනවා

ක්‍රි. ඇසින් ඉඟි කරනවා; ඇසක් කුඩා කොට බලනවා; ඉඟි මරනවා.

නරුපට

නා.ප්‍ර. නෙරිපට.

නරුම

වි. සාරධර්ම ප්‍රජා සම්මත සාධුචර්යා, චාරිත්‍ර වාරිත්‍ර ආදිය අවඥාවෙන් බැහැර කරන; මිනිසා විසින් රැකිය යුතු ගුණ ධර්ම පද්ධතියක් ඇතැයි නොපිළිගන්නා.

නරුව

1. නා. (ස්ත්‍රීන්) රෙදි ඇඳීමේ දී ඉනෙන් පිටතට එල්ලී වැටෙන සේ තබන රැලිපොට.
2. නා. වී වැනි ධාන්‍ය ඇටවල මුල් කොනේ තිබෙන උලකට සමාන සිහින් කොටස; නංඩුව.
3. නා. ගස්වල අංකුර; අතු රිකිල්ල.

නල

1. නා.ප්‍ර. වායුව; පවන; මඳ සුළඟ.
2. නා.ප්‍ර. ගින්න; අග්නිය.
3. නා.ප්‍ර. නටුව; මල් නටුව.
4. නා.ප්‍ර. කකුළුවා; කකුළු අණ්ඩ.
5. නා.ප්‍ර. ශරීරයෙහි වූ නාල; නහර.
6. නා.ප්‍ර. ප්‍රමාදය; පමාව.
7. නා.ප්‍ර. සොරුන් විසින් පැහැරගත් වස්තුව,
8. නා.ප්‍ර. වසන්තය.
9. නා.ප්‍ර. මල් කලස.

නලංගුව

1. නා. කරදරය; හිරිහැරය; කනස්සල්ල.
2. නා. තෙහෙට්ටුව.
3. නා. සුනංගුව; ප්‍රමාදය; උදාසීනබව. නිකරුනේ ඇවිදීම; රස්තියාදුව.

නලකුබර

නා.ප්‍ර. දිව්‍ය පුත්‍රයකුගේ නාමය; වෙසවුණු දෙවි රජුගේ පුත්‍රයා.

නලදෙවි

නා. සුළඟට අධිපති දේවතාවා; වාත වලාහක දෙව්; වායුදෙවියා.

නලනල

[නල + අනල]
නා.ප්‍ර. සුළඟ නැමැති ගින්න.

නලින

නා.ප්‍ර. නෙළුම් මල; පද්මය; පියුම්.

නව

1. වි. අලුත්; නවීන; අභිනව; නූතන.
2. වි. ආධුනික; නවක.
3. වි. ළපටි; තුරුණු; නොමේරු.

නව රසය

නා. ශෘඞ්ගාර, හාස්‍ය, කරුණ, වීර, භයානක, අද්භූත, ශාන්ත, බීභත්ස්‍ය යන නවවිධ කාව්‍ය රසය; නව නාට්‍ය රස; නව නළු රසය.

නව රැල්ල

1. නා. අලුතෙන් ඇති වූ පිබිදීම; අභිනවයෙන් ඇති වූ උද්‍යෝගය; නව ප්‍රබෝධය.
2. නා. නව රැල්ලට අයත් පිරිස.

නව ලෝකය

1. නා. නූතන ඉතිහාසයේ දී සොයා ගනු ලැබූ ලෝකාර්ධයට අයත් උතුරු සහ දකුණු ඇමෙරිකා මහාද්වීප දෙක.
2. නා. නූතන සමාජ පරිසරය.

නව වහර

1. නා. අලුතින් භාෂාවකට එකතු වී ඇති වචන හා වාක් ප්‍රයෝග ආදිය; නූතන භාෂා ව්‍යවහාරය.
2. නා. සුළං, වැසි, පාෂාණ, ආයුධ, අඟුරු, අළු, වැලි, මඩ, අඳුරු යන නවවිධ වර්ෂාව.

නව විභේදනය

(පාරිභා.) නා. ජීවියකු ස්වකීය වර්ගයේ පාරම්පරික ලක්ෂණවලට වෙනස් ලක්ෂණ ඇති ව සකස්ව යෑම.

නවක

1. වි. අලුත්; අභිනව; නව; නවීන.
2. වි. බාල තරුණ; නොමේරූ.
3. වි. ආධුනික; පෙර පළපුරුද්දෙන් තොර; පළමු වරට සහභාගී වන.

නවකථාව

නා. ගද්‍ය මාධ්‍යයෙන් කරනු ලබන නිර්මාණාත්මක ආඛ්‍යාන ප්‍රබන්ධ විශේෂය.

නවකම්

1. නා.ප්‍ර. අලුත්වැඩියා කිරීම්; ප්‍රතිසංස්කරණ කටයුතු; පිළිසකර කිරීම්.
2. නා.ප්‍ර. අලංකාර කිරීම්; සැරසීම්.

නවකයා

1. නා. අලුත මහණ වූ පැවිද්දා.
2. නා. ආධුනිකයා.