සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 913
නිකැලල්
වි. කිලුටක් නැති; පිරිසිදු; කලඞ්ක රහිත; අකලඞ්ක.
නිකිණි
1. නා.ප්‍ර. සාමාන්‍යයෙන් ජූලි මැද සිට අගෝස්තු මැද දක්වා පවතින චන්ද්‍ර මාසය.
2. (රූඪි.) නා.ප්‍ර. සොයා ගත නොහැකි දුර්ලභ දෙය; මනඃකල්පිතය.
නිකුජ්ජනය
(පාරිභා.) නා. අත්ල හෝ බඳුනක කට පහතට හැරවීම; අධෝවර්තනය (=pronation).
නිකුඤ්ජය
නා. වැල් ආදියෙන් ගැවසී ආවරණය වූ ස්ථානය; ලිය මඩුව.
නිකුටු
වි. පහත්; නින්දිත; අධම.
නිකුත්
වි. නික්මුණු; පිටත් වූ.
ක්‍රි.වි. ඒකාන්තයෙන්; නිශ්චිත වශයෙන්.
නිකුත්තුව
නා. නිකුත් කිරීම; පිටකිරීම; බෙදා හැරීම.
නිකුතු
වි. නිකුත් කරන; පිට කරන; බෙදා හරින.
නිකෘන්තිය
නා. ආශාව; ඇල්ම.
නිකෘෂ්ට
වි. පහත්; නින්දිත; අධම; නිකුටු.
නිකෘෂ්ටයා
නා. නින්දිත තැනැත්තා; අධමයා; පහත් තැනැත්තා.
නිකෙලෙස්
[නි + කෙලෙස්]
1. වි. කෙලෙස් රහිත වූ; කෙලෙස් නැති; නොකිලිටි.
2. වි. රහත් වූ
නිකෙවුව
(පාරිභා.) නා. උකස; පොලියට මුදල් ලබාගන්නා ණයකරය (=pawn).
නිකේතනය
නා. ගෘහය; නිවාසය; වාසස්ථානය.
නිකොහොල
නිඛාත
වි. හාරන ලද; කනින ලද.
නිඛිලය
නා. දශම හෝ භාග රහිත පූර්ණ සංඛ්‍යාව.
නිගඩ
නා.ප්‍ර. විලංගු; මාංචු; පයේ දමන යකඩ දම්වැල.
නිගණ්ඨයා
නා. ජෛන ආගමට අයත් පැවිද්දා.
නිගන්නවා
ක්‍රි. නිග්‍රහ කරනවා; නිගා කරනවා.
නිගම
1. නා.ප්‍ර. ගම් කීපයකින් සැදුම්ලත් ගම; වෙළෙඳ පොළක් සහිත විශාල ග්‍රාමය.
2. නා.ප්‍ර. මාර්ගය; මාවත.
3. නා.ප්‍ර. ප්‍රතිඥාව; පොරොන්දුව.
4. නා.ප්‍ර. තීරණය; නිශ්චය.
නිගමනය
නා. හේතු සාධක ඇසුරින් ගත් තීරණය; නිශ්චය; තීන්දුව.
නිගරණය
1. නා. (ආහාර ආදිය) ගිලීම; කා දැමීම.
2. නා. වැගිරීම; වැමෑරීම; (මුවින් පහතට) බැහැර කිරීම.
නිගරු
නා.ප්‍ර. අවමානය; නින්දාව; නිග්‍රහය.