සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 914
නිගහළ
නිගළ
නා.ප්ර. විලංගුව; පයේ දමන යකඩ දම්වැල; ඇතුන් බඳිනා දම්වැල.
නිග්ගණ්ඩි
වි. ගැටවලින් තොර.
නිග්ගහීතය
නා. අක්ෂර මාලාවට අයත් බින්දු වර්ණය; බින්දුව.
නිග්ඝෝසය
නා. මහා ඝෝෂාව; (මහජනයා එක් වී) නඟන මහත් වූ හඬ.
නිග්රහ
වි. නින්දා සහගත; අවඥාවෙන් යුත්.
නිග්රහණය
(පාරිභා.) නා. වායුවේ ඇති නයිට්රජන්වලින් සංයෝග වර්ග සෑදීම; නයිට්රජන් ස්ථිරීකරණය (=fixing).
නිග්රහය
1. නා. කායික හෝ මානසික හෝ පීඩාව; පෙළීම.
2. නා. නින්දාව; අවමානය.
3. නා. චෝදනාව; දොස් දැක්වීම.
4. නා. සන්සිඳුවීම; ශමනය.
5. නා. සංයමය; දමනය.
නිග්රහාත්මක
නිග්රාහකයා
නා. නිගා කරන්නා; හෙළා දකින්නා; ගර්හා කරන්නා.
නිග්රාහ්යයා
නා. නිගා කළ යුතු තැනැත්තා; හෙළා දැක්ක යුතු පුද්ගලයා; ගර්හාවට භාජන විය යුත්තා.
නිගාමි
වි. නිගමනාත්මක; නිගමන වශයෙන් වන.
නිගාව
1. නා. අවමානය; අපහාසය; නින්දාව,
2. නා. දණ්ඩනය; දඬුවම.
නිගීර්ණ
වි. අභ්යන්තරගත; ඇතුළත් වූ.
නිගූහනය
වි. සැඟවීම; යටපත් කිරීම.
නිගොස්
1. නා.ප්ර. නැවත මතු වන නාදය; ප්රතිරාවය.
2. නා.ප්ර. මහා ඝෝෂාව.
3. නා.ප්ර. වැළපීම; හැඬීම.
වි. හඬ නැති; නිහඬ.
නිඝණ්ටු
නා.ප්ර. පුරාණ පර්යාය ශබ්දකෝෂ විශේෂයක්.
නිඝණ්ඩුමාලාව
නා. පර්යාය වචන ගොනු කළ ග්රන්ථ සමූහය.
නිඝර්ෂණය
නා. තදින් එකට ගැටීම; හැපීම; ස්පර්ශ වීම.
නිඝාතිය
(පාරිභා.) නා. කන් අඩිය තුළ පිහිටි කිණිහිරක හැඩය ගත් අස්ථිකාවක්; කිණිර ඇට. (=incus).
නිඝෝස
නා.ප්ර. හඬ; ශබ්දය; නිර්ඝෝෂය; නින්නාදය.
නිචය
නා. රාශිය; සමූහය; ගොඩ.
නිච්චිය
නා. නිශ්චයක් ඇති බව; කල්පනාව; මතකය.
නිච්ඡන්දය
නා. ආශාවෙන් දුරු වීම; තෘෂ්ණාවෙන් වෙන් වීම; ඡන්ද රාගයෙන් තොර වීම.