සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 929

නිරත

නා.ප්‍ර. (යමක) නියැළීම; නිතොර ව යෙදීම.
වි. නියැළුණු; යෙදුණු; නියුක්ත.

නිරත්ථක

වි. තේරුමක් නැති; ප්‍රයෝජනයක් නැති; නිෂ්ඵල; නිරර්ථක.

නිරත්‍යය

නා.ප්‍ර. බාධා රහිතබව; වරද රහිතබව.

නිරතුර

නා. අතරක් නැති බව.

නිරතුරු

ක්‍රි.වි. අතරක් නැති; නොනැවති; නිතර; අනවරත; නිරන්තර.

නිරද

නා.ප්‍ර. නදීවලට රජ වූ මුහුද; සාගරය.

නිරන්තර

වි. අතරක් නැති; තොරක් නැති; නිතර; නිත්‍ය.

නිරන්තර අධිකය

(පාරිභා.) නා. නොකඩවා පවත්නා ඉතිරිය (=persisting surplus).

නිරන්තර ජ්වරය

නා. නිතොර පවත්නා උණ.

නිරන්තර සංයෝගය

නා. අතරක් නැති ව පවත්නා එකතු වීම; සම්බන්ධය.

නිරන්තරේ

ක්‍රි.වි. නොනැවතී; අතරක් නැති ව; නිතොරව.

නිරන්ධ්‍ර

1. වි. සිදුරු නැති.
2. වි. අවකාශ නොවන; ඉඩ නැති.

නිරනාව

(කථා.) නා. වගාවක දක්නට ලැබෙන පාලුව.

නිරනුකම්පක

[නිර් + අනුකම්පක]
වි. අනුකම්පා රහිත; කරුණාගුණයෙන් තොර.

නිරනුකම්පා

[නිර් + අනුකම්ප්‍ය]
වි. අනුකම්පාව නොලැබිය යුතු; කරුණාව නොදැක්විය යුතු.

නිරනුනාසික

වි. (ව්‍යාක.) නාසය ආශ්‍රයෙන් උච්චාරණය නොවන; අනුනාසික භාවයෙන් තොර.

නිරනුපාත

වි. අරමුණු රහිත; නිරාලම්බන

නිරනුබන්ධ

නා. බැඳීමක් නැති; අනුබන්ධ අක්ෂර රහිත.

නිරනුභූත

[නිර් + අනුභූත]
වි. අනුභව නොකළ; විඳිනු නොලැබූ; නොවිඳි.

නිරනුමාන

වි. සැක නැති; නොඅනුමාන; නිසැක.

නිරනුවර්තන

වි. අනු ව නොපවත්නා; අනුකූල නොවන.

නිරනුවර්තී

(පාරිභා.) වි. අනු ව නොපවත්නා; සුදුසු සේ සකස් කර නොගත් (=nonadaptive).

නිරනුශය

1. වි. ඇල්මෙන් හෝ පක්ෂපාතිත්වයෙන් තොර; නිරනුසය.
2. වි. කෙලෙස් ප්‍රහීණ කළ.

නිරපරාද

1. වි. වරදින් තොර; නිදොස්;
2. වි. වැඩක් නැති; යහපතක් නොවන; ප්‍රයෝජනයක් නැති; නිරපරාධ.