සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 928
නියොලිතික් මිනිසා
නා. නව ශිලා සමයෙහි ජීවත් වූ ගල් ආයුධ වර්ග භාවිත කළ මනුෂ්‍ය වර්ගයා හඳුන්වන නාමය.
නියෝගය
1. නා. විධානය; නියමය; අධිකරණ නියමය.
2. (පාරිභා.) නා. ප්‍රතිපත්ති කාර්ය පරිපාටි පිළිබඳ ව නිශ්චිත ලෙස මඟ පෙන්වීම සඳහා නිකුත් කරන ලේඛනය (=directive).
නියෝජකයා
1. නා. මෙහෙයවන්නා; ක්‍රියා කරවන්නා.
2. (පාරිභා.) නා. බාර දෙන්නා; පිටරටක හෝ පිට පළාතක සිටින තම නියෝජිතයා වෙත තමාගේ වගකීම පිට විකිණීම සඳහා බඩු යවන්නා (=consignor).
නියෝජනය
1. නා. යෙදවීම; මෙහෙයවීම.
2. නා. යමකු හෝ යමක් වෙනුවෙන් යොදවනු ලබන අය හෝ දෙය; (යමකු වෙනුවෙන්) ක්‍රියා කිරීම හෝ පෙනී සිටීම.
3. නා. කොමිස් පිට විකිණීම; නියෝජිතයකුට යවන හෝ බාර දුන් බඩු තොගය (=consignment).
නියෝජනය කරනවා
1. ක්‍රි. (යමකු වෙනුවෙන්) පෙනී සිටිනවා; ක්‍රියා කරනවා; යොදවනවා.
2. (පාරිභා.) ක්‍රි. බාර කරනවා; බාර දෙනවා (=consign).
නියෝජ්‍ය
1. වි. ප්‍රධානයා ළඟට සිටින; ප්‍රධානයා වෙනුවෙන් කටයුතු කිරීමේ වගකීම භාර ව සිටින; උපප්‍රධාන.
2. වි. යමක් වෙනුවට යොදා ගනු ලබන.
නියෝජ්‍ය මුදල්
නා.ප්‍ර. ප්‍රාමාණික මුදල්වලට පෙරළිය හැකි නෝට්ටු මුදල්.
නියෝජ්‍යයා
1. නා. ප්‍රධානයා ළඟට සිටින තැනැත්තා; උප ප්‍රධානයා.
2. නා. (කොමිස් පිට විකිණීම පිණිස) බඩු භාර ගැනීම හෝ ලබා ගැනීම හෝ කරන තැනැත්තා.
3. නා. නියෝජකයකු වෙනුවෙන් පෙනී සිටීමට බලය ලත් හෝ තවෙකකු වෙනුවෙන් මිලට ගැනීම හෝ විකිණීම කරන තැනැත්තා.
නියෝජිත ආණ්ඩු ක්‍රමය
(පාරිභා.) නා. තෝරා පත්කර ගත් නියෝජිතයන්ගෙන් යුත් ආණ්ඩුව (=government representative).
නියෝජිත බලය
(පාරිභා.) නා. වෙනත් කෙනකු හෝ ආයතනයක් හෝ වෙනුවෙන් කටයුතු කිරීමට පවරා දෙනු ලබන බලය (=agency).
නියෝජිත මණ්ඩලය
නා. නියෝජනය පිණිස තෝරා පත් කරගත් කණ්ඩායම.
නියෝජිත මන්ත්‍රණ සභාව
නා. මහජන නියෝජිත පිරිසගෙන් සැදුම් ලත් සභාව; ජනතාව නියෝජනය කරන මන්ත්‍රී මණ්ඩලය.
නියෝජිත සභාව
(පාරිභා.) නා. මහජනයා විසින් තෝරා පත් කර ගැනුණු නියෝජිතයන්ගෙන් සමන්විත සභාව (=chamber of).
නියෝජිතයා
නා. පෙනී සිටින්නා; සමූහයක් ආයතනයක් හෝ පුද්ගලයෙකු වෙනුවට ක්‍රියා කිරීමට බලය ලත් තැනැත්තා; පුද්ගල හෝ පොදු අවශ්‍යතා සඳහා රජය හෝ පුද්ගල සංවිධානාදිය වෙනුවෙන් ඉදිරිපත් වෙන්නා.
නියෝලිතික සමය
නා. මානව පරිණාමයෙහි ගල් අවි භාවිත කළ යුගයේ මෑත අවදිය; නව පාෂාණ සමය.
නිරංකුශ
1. නා. නිවහල්; නිදහස්; ස්වාධීන.
2. (පාරිභා.) නා. අවියෙන් නොසැරහුණු; දළ රහිත.
නිරංජන
වි. ආසාව නැති; විරාගී; කෙලෙස් කසටින් තොර.
නිරක්ෂය
නා. (භූගෝ.) පෘථිවියේ උතුරු අර්ධ ගෝලයත් දකුණු අර්ධ ගෝලයත් සම සේ වෙන් කරන කල්පිත මහා වෘත්තය; සමකය (=equator).
නිරක්ෂාංශ
[නිරක්ෂ + අංශ]
නා.ප්‍ර. නිරක්ෂයේ සිට උතුරට සහ දකුණට ඇති අක්ෂභාග.
නිරක්ෂීය
වි. නිරක්ෂයට අයත්; නිරක්ෂය සම්බන්ධ වූ; සමකය පිළිබඳ.
නිරග්ගික
වි. ගිනි නැති; අග්නියෙන් තොර.
නිරණය
නා. සැක නැති බව; නිශ්චය.
නිරණරුත
[නිරණ + අරුත]
නා. නිශ්චිත අර්ථය; නියතාර්ථය; නිසැක තේරුම.