අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 180
පංකාදු
වි. ඉතා හොඳ; වටිනා/ උසස්; පැසසිය යුතු (පුර්. pancado)
පංකාව
නා. පවන් ගැසීමට ක්‍රියාකරවන උපකරණය; ෆෑන් එක (උර්. හි. පඞ්ඛා ප්‍රා. පඞ්ඛ)
පංගුව
නා. කොටස/ බිම් කට්ටිය/ කිසියම් සේවයක් භාර ජන කොට්ඨාසය/ ප්‍රභේදය (දෙ. பங்கு)
පංච
නා.ප්‍ර. සංඛ්‍යාවක්; පහ (පා. සං. පඤ්ච)
පංච කල්‍යාණය
නා. කාන්තාවන්ගේ රූප ශෝභාවට අයත් කේශ, මාංශ, දන්ත, ඡවි, වය; යන අංග පහ (පා. පඤ්චකල්‍යාණ)
පංච කෙළිය
නා. කවඩි බෙල්ලන් යොදාගෙන කරන ගෘහස්ථ ජන ක්‍රීඩාවක්
පංච තූර්ය
නා.ප්‍ර. ආතත, විතත, විතතාතත, ඝන, ශුෂිර යන වාද්‍ය භාණ්ඩ
පංචකාම
නා.ප්‍ර. බුදු දහමෙහි ඉගැන්වෙන කාම වස්තු පහ (පා. පඤ්චකාම)
පංචගෝරස
නා. පස්ගෝරස (පා. පඤ්චගොරස)
පංචනාරී ඝටය
නා. කළයක හැඩය ලැබෙන සේ ස්ත්‍රී රූප පහක් එකිනෙකට ඈඳා අඳින චිත්‍රයක්
පංචනීවරණ
නා. කුසල් දහම් වැඩීමට බාධා කරන කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන සිතිවිලි පහ (පා. පඤ්චනීවරණ)
පංචභේරි
නා.ප්‍ර. තූර්ය නාද පැවැත්වීම සඳහා භාවිත කරන බෙර වර්ග පහ
පංචවිධ
වි. පස් ආකාර (පා. පඤ්චවිධ)
පංචශීලය
නා. පස්පව්වලින් වැළකී සිටීමේ ශීලය; පන්සිල් (සං. පඤ්චශීල)
පංචාංග
වි. අංග පහකින් යුතු (සං. පඤ්චාඞ්ග)
පංචායුධ
නා.ප්‍ර. පැරණි කාලයේ යුද්ධය සඳහා භාවිත කළ ආයුධ පහ/ ග්‍රහ අපල දුරුකිරීමට ළදරුවන්ට පලඳවන මාල පෙත්තේ කැටයම් කොට ඇති ආයුධ පහ
පංචාස්‍රය
නා. පැති පහක් ඇති රූපය; පස් පට්ටම; පඤ්ච කෝණය
පංචේන්ද්‍රිය
නා.ප්‍ර. ඇස, කන, දිව, නාසය, සම/ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා/සුඛ, දුක්ඛ, සොම්නස, දොම්නස, උපේක්ෂා (සං. පඤ්චෙන්ද්රිය)
පංචෝඩය
නා. ඉලෙක්ට්‍රෝඩ පහකින් සමන්විත තර්මයින නළය
පංජරය
නා. සැකිල්ල; රාමුව/ කූඩුව; මැදිරිය/කවුළුව (පා. පඤ්ජර)
පංසුකූල
නා.ප්‍ර. සොහොන්, කසළ ගොඩවල් ආදියෙහි පස් මතුපිට දැමූ තිබුණු රෙද්ද (පා. පංසුකූල)
පංසුකූල චීවරය
නා. පංසුකූල වස්ත්‍රයෙන් මසන ලද සිවුර; පාංශුකූල චීවරය (පා. පංසුකූල චීවර)
පක්කලි
වි. පහත්; හීන; අනුන්ට ගැතිකම් කරන (දෙ. போக்கிலி)