අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 179

නේපථ්‍යය

නා. ඇඳුම් පැළඳුම්; වේශය/ රඟහලක වේදිකාවේ නළු නිළියන් ඇඳුම් අන්දවන හෝ වේශ ගන්වන හෝ කොටස (සං. නෙපථ්‍ය)

නෛක

වි. එකකට වැඩි වූ; විවිධ; නොයෙක් (සං. නෛක)

නෛතික

වි. නීතිය පිළිබඳ; නීත්‍යනුකූල

නෛපුණ්‍යය

නා. සපුරා දත්බව; නිපුණබව (සං. නෛපුණ්‍ය)

නෛමිත්තක

වි. නිමිති අනුව ශුභාශුභ කියන (සං. නෛමිත්තික)

නෛර්යාණික

වි. නිවනට පමුණුවන; නිවනට අයත් (සං. නෛර්යාණික පා. නීයානික, නිය්‍යානික)

නෛරුක්තික

වි. නිරුක්ති පිළිබඳ; ශබ්දයන්ගේ මූල ප්‍රභවය ආදි ලක්ෂණ සම්බන්ධ වූ (සං. නෛරුක්තික)

නෛෂ්ක්‍රම්‍යය

නා. ගිහිගෙයින් නික්මීම; ප්‍රව්‍රජ්‍යාව (පා. නෙක්ඛම්ම)

නෛසර්ගික

වි. ස්වභාවයෙන් සිදු වූ හෝ ඇති වන; සහජ (සං. නෛසර්ගික)

නොඉඳුල්

වි. අනුභව නොකළ; පරිහරණය නොකළ

නොකිලිටි

වි. කිලුටු නොවූ; පවිත්‍ර

නොණ්ඩි

වි. එක කකුලකින් විකෘති ලෙස ඇවිදින; කොරගසන (දෙ. நோண்டி)

නොතීසිය

නා. දැන්වීම; නිවේදනය; අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වන ලේඛනය (පුර්. noticia)

නොපනත්කම

නා. සමාජ සම්මතයට පටහැණි ක්‍රියාව; නුසුදුසු ක්‍රියාව

නොපහළ

වි. පහර නොදුන්/ අප්‍රකට

නොපැකිළ

ක්‍රි.වි. නැවතීමක් නැතිව; පැකිළීම් රහිතව/ පැතිරී; විසිරී

නොපිරිහෙළා

වි. කඩනොකර; මඟනොහැර

නොමැළි

වි. කම්මැළි නැති; කඩිසර

නොමිලයේ

ක්‍රි.වි. මුදල් ගෙවීමක් නැති ව

නොලස

නා. ඉක්මන; අප්‍රමාදය

නොවළහා

ක්‍රි.වි. නොසඟවා; වසන් නොකර

නොසණ්ඩාල

වි. නොහික්මුණු

නොහික්මුණු

වි. හික්මීමක් නැති

නෞකාව

නා. නැව (සං. නෞකා)

පංකජ

නා.ප්‍ර. පියුම. නෙළුම/ උපුල; මහනෙල් (පා. සං. පඞ්කජ)