අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 178
නුනුවණ
නා. නුවණ නැති බව; අඥාන බව
නුබ
නා.ප්‍ර. අහස; ආකාශය (පා. නභ සං. නභස්)
නුමුළා
වි. මුළා නොවී; නොරැවටී/ අප්‍රමාද ව
නුවණ
නා. ඥානය; නැණ
නුවණැස
නා.ප්‍ර. නුවණ නමැති ඇස
නුවන
නා. ඇස; නෙත
නුවර කලාවිය
නා. අනුරාධපුර දිස්ත්‍රික්කය හඳුන්වන නාමයක්
නූතන
වි. නවීන; අලුත් (පා. සං. නූතන)
නූර්ති
නා.ප්‍ර. ගීතමය නාට්‍ය විශේෂයක්
නූල
නා. හුය (දෙ. நூல்)
නෘත්‍ය
නා.ප්‍ර. රඟ දැක්වීම; නැටීම (සං. නෘත්‍ය)
නෘත්‍ය ශාලාව
නා. නැටුම් පැවැත්වෙන මන්දිරය
නෙක්ඛම්ම
නා.ප්‍ර. ගිහිගෙයින් නික්මීම; නෛෂ්ක්‍රම්‍යය (පා. නෙක්ඛම්ම සං. නෛෂ්ක්‍රම්‍ය)
නෙත් සඟළ
නා. ඇස් දෙක
නෙත්කලු
වි. නෙත් පිනවන
නෙරළු
නා. තාල වර්ගයට අයත් ගසක්; පොල් (පා. නාළිකෙර සං. නාලිකෙර)
නෙළනවා
1. ක්‍රි. කඩනවා; සිඳිනවා (පා. නිඩ්ඩෙති) 2. නිර්මාණය කරනවා; අඹනවා
නෙළුම්
නා.ප්‍ර. ජලජ පුෂ්ප විශේෂයක්; පියුම
නා. ‘නෙළනවා’ යන්නෙහි භාව නාමය
නෙළුම් කවි
නා.බහු. හේන් කුඹුරු ආදියෙහි අස්වැන්න හෝ වල් හෝ නෙළීමේ දී ගායනා කරන ජන කවි
නෙළුඹු
නා.ප්‍ර. නෙළුම්
නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය
නා. පිළිමයක නෙත් තැබීම
නේත්රාභිරාම
වි. නෙත් පිනවන
නේතෘ
නා.ප්‍ර. මුල් තැනැත්තා; ප්‍රමුඛයා (සං. නෙතෘ)