අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 177

නිස්සාරණීය

වි. අත්හළ යුතු; නිදහස් විය යුතු (පා. නිස්සාරණීය)

නිසිත

වි. තියුණු කළ; මුවහත් කළ (පා. නිසිත සං. නිශිත) නා.ප්‍ර. 1. සිංහල හෝඩියේ අක්ෂර භේදයක්; ව්‍යඤ්ජනාක්ෂරය (පා. නිස්සිත සං. නිශ්‍රිත) 2. මධ්‍යම රාත්‍රිය; මැදියම් රැය (පා. නිසීථ සං. නිශීථ)

නිසීදනය

නා. හිඳීම; හිඳගැනීම/ ඉඳගන්නා අසුන; පත්කඩය (පා. නිසීදන)

නිසොල්මන

නා. නිසල බව; නිශ්චලතාව

නිහතමාන

වි. නසන ලද මානය ඇති; මානය නැති කළ (පා. නිහතමාන)

නිහීන

වි. ලාමක; පහත්; දීන (පා. සං. නිහීන)

නිළිය

නා. නාටිකාංගනාව; නළඟන

නීච

වි. පහත්; හීන; ලාමක/ යටහත් පහත්; අවනත (පා. සං. නීච)

නීත්‍යනුකූල

වි. නීතියට එකඟ; නීතියට අනුගත

නීති පීඨය

නා. විශ්වවිද්‍යාලයක නීතිය පිළිබඳ උගන්වන ආයතනය

නීති විරෝධී

වි. නීතියට පටහැණි; ව්‍යවස්ථානුකූල නොවන

නීති විශාරද

නා.ප්‍ර. නීතිය පිළිබඳ හසළ දැනුමක් ඇත්තා

නීති ශාස්ත්‍රය

නා. පාලනය පිළිබඳ බලපැවැත්වෙන ව්‍යවස්ථා, රෙගුලාසි, ආචාර ධර්ම ආදිය සංගෘහිත ශාස්ත්‍රය; නීති විද්‍යාව

නීතිඥයා

නා. නීතිය හදාළ තැනැත්තා

නීයානික

වි. නිවන කරා පමුණුවන (පා. නීයානික)

නීරක්තිය

නා. රුධිරය හීන වීම; රක්ත හීනතාව (සං. නීරක්ත)

නීරෝග

වි. නිරෝග

නීලකණ්ඨ

නා.ප්‍ර. ඊශ්වර/ මොනරා (සං. නීලකණ්ඨ)

නීලකසිණ

නා.ප්‍ර. යෝගාවචරයකු විසින් භාවනාවට අරමුණු කර ගනු ලබන නිල් පැහැති මණ්ඩලය (පා. නීලකසිණ)

නීලවර්ණ

නා.ප්‍ර. නිල් පැහැය (සං. නීලවර්ණ)

නීලෝත්පල

නා.ප්‍ර. නිල් මහනෙල් (සං. නීලොත්පල)

නීවරණ

වි. සිතෙහි කුසල ධර්ම වැඩීමට බාධා කරන (පා. නීවරණ)

නුගුණ

නා.ප්‍ර. නොමනා ගුණ; පහත් ගති/ අයහපත; අවැඩ (සං. නිර්ගුණ)