අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 308
විවෘත
වි. ආවරණය නොකළ (සං. විවෘත)
විවේචන
නා.ප්‍ර. යමක ගුණදොස් විමසීම; හරි වැරදි නිගමනය කිරීම (සං. විවෙචන)
විශද
වි. පැහැදිලි; පිරිසිදු (සං. විශද)
විශ්ලේෂණය
නා. බෙදා වෙන් කිරීම; විභාගය; විග්‍රහය (සං. විශ්ලෙෂණ)
විශ්වකර්ම
නා.ප්‍ර. එනම් දිව්‍ය පුත්‍රයා
විශ්වකෝෂය
නා. ලෝකයේ නොයෙකුත් විෂය පිළිබඳ හෝ එක් විෂයයක් පිළිබඳ හෝ විස්තර අකාරාදි පිළිවෙලින් දැක්වෙන ග්‍රන්ථය (සං. විශ්වකොෂ)
විශ්වන්තර
නා.ප්‍ර. වෙස්සන්තර (සං. විශ්වන්තර)
විශ්වය
නා. ලෝකය; සක්වළ (සං. විශ්ව)
විශ්වව්‍යාපී
වි. සියල්ලෙහි ම පැතිර පවත්නා; ලෝක ව්‍යාප්ත (සං. විශ්වව්යාපීන්)
විශ්වවිද්‍යාලය
නා. උසස් අධ්‍යාපනය ලබාදෙන ආයතනය
විශ්වසනීය
වි. විශ්වාස කළ හැකි (සං. විශ්වසනීය)
විශ්වාසභංගය
නා. විශ්වාසය කඩ කිරීම හෝ කඩ වීම
විශ්වාසය
නා. සැක නොකිරීම; පිළිගත හැකි බව (සං. විශ්වාස)
විශ්‍රම්භය
නා. විශ්වාසය (සං. විශ්‍රම්භ)
විශ්‍රාන්තය
නා. වෙහෙස සංසිඳුවීම (සං. විශ්රාන්ත)
විශ්‍රාම ශාලාව
නා. මගීන් ආදින්ට නැවතී විවේක ගැනීමට තැනූ නිවහන (සං. විශ්‍රාම+ශාලා)
විශ්‍රාමය
නා. විවේකය; නිවාඩුව/ යම්කිසි කාර්යයක අවසානය/ නැවැත්ම; යතිය (සං. විශ්‍රාම)
විශ්‍රැත
වි. ප්‍රසිද්ධ; ප්‍රකට (සං. විශ්‍රැත)
විශාඛා
නා.ප්‍ර. බුද්ධ කාලයේ විසූ උපාසිකාවකගේ නාමය (පා. විසාඛා)
විශාරද
වි. ප්‍රඥාවන්ත; පළපුරුදු; දක්ෂ; උගත් (සං. විශාරද පා. විසාරද)
විශාල
වි. ප්‍රමාණයෙන් මහත් වූ (සං. විශාල පා. විසාල)
විශිෂ්ට
වි. උතුම්; ශ්‍රේෂ්ඨ/ නිශ්චිත; නියත (සං. විශිෂ්ට)
විශුද්ධ
වි. ඉතා පිරිසිදු (සං. විශුද්ධ)
විශේෂ
වි. අනෙක් ඒවා අතරින් කැපී පෙනෙන (සං. විශෙෂ)