අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 309

විශේෂඥයා

නා. යමක් පිළිබඳ විශිෂ්ට දැනුමක් ඇති තැනැත්තා

විශේෂණය

නා. යම් පදයක් වර්ණනා කිරීම පිණිස යොදන පදය (සං. විශෙෂණ)

විශෝධනය

නා. පිරිසිදු කිරීම (සං. විශොධන)

විෂ

නා.ප්‍ර. ශරීරගත වීමෙන් ජීවිතයට හානි සිදු කරන හෝ මරණය පවා සිදු කරන ද්‍රව්‍ය විශේෂයක් (පා. විස සං. විෂ)

විෂ කලාව

නා. තිථිය අනුව ශරීරයේ පවතින ධාතු ගුණයක්

විෂ බන්ධනය

නා. සර්පයකු දෂ්ට කිරීමෙන් ඇති වන විෂ ශරීරයෙන් ඉවත් කිරීම මන්ත්‍ර ගුරුකම් මගින් නැවැත්වීම

විෂඝෝර

වි. භයානක වූ විෂ ඇති

විෂධූමය

නා. සර්පයන් නිකුත් කරන විෂ සහිත වායුව

විෂනාශනය

නා. විෂබීජ නැති කිරීම (සං. විෂනාශන)

විෂබීජ නාශකය

නා. රෝග ඇති කරන ක්ෂුද්‍ර ජීවීන් විනාශ කරන රසායනිකය

විෂබීජය

නා. රෝග ඇති කරන ක්ෂුද්‍ර ජීවාණුව

විෂම

වි. සම නොවූ/ නපුරු; දරුණු (සං. විෂම පා. විසම)

විෂම භාගය

නා. එකට වඩා අඩු නොවන භාගය; ලවය හරයට වඩා ලොකු භාග සංඛ්‍යාව

විෂමතාව

නා. වෙනස; අසමානකම (සං. විෂමතා)

විෂමපෝෂී

නා.ප්‍ර. ශාකවලින් හෝ වෙනත් සතුන්ගේ මාර්ගයෙන් හෝ යැපෙන සත්ත්වයා

විෂමාචාරය

නා. දුෂ්චරිතය; වැරදි හැසිරීම

විෂය

නා.ප්‍ර. ගෝචර වන දෙය/ දැනීම ලබන ක්ෂේත්‍රය (සං. විෂය)

විෂය ක්ෂේත්‍රය

නා. විෂය සීමාව.

විෂය නිශ්‍රිත

වි. විෂය හා සම්බන්ධ; වාස්තවික

විෂය පථය

නා. විෂය පැතිරුණු සීමාව

විෂයඥානය

නා. හදාරන කරුණ පිළිබඳ අවබෝධය; විෂය දැනුම (සං. විෂයඥාන)

විෂයාතික්‍රාන්ත

වි. වර්ණනා; උපමා ආදියට ගෝචර වූ ප්‍රමාණය ඉක්මවන ලද; අතිශයෝක්ති

විෂයානුබද්ධ

වි. විෂය හා සම්බන්ධ

විෂයාසක්ත

වි. පස්කම් සැපයෙහි ඇලුණු (සං. විෂයාසක්ත)