අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 93

කුලුපග

වි. ඉතා හිතවත් වූ (පා. කුලුපග, කුලූපග)

කුවේණි

නා.ප්‍ර. යක්ෂ ගෝත්‍රික කාන්තාවකගේ නාමය

කුශල

වි. දක්ෂ; සමර්ථ/ පින්; පුණ්‍ය (සං. කුශල පා. කුසල)

කුශලච්ඡන්දය

නා. කුසල් කිරීමේ කැමැත්ත

කුශලතා

නා.ප්‍ර. කුසලතා

කුශලාකුශල

නා.ප්‍ර. කුසල් සහ අකුසල් (සං. කුශලාකුශල)

කුශලානුභාවය

නා. කුසල් බලය; පින් මහිමය

කුශාග්‍ර

වි. තියුණු; තීක්ෂණ (සං. කුශාග්‍ර)

කුෂ්ඨය

නා. චර්ම රෝගයක නාමය (සං. කුෂ්ඨ)

කුසගිනි

නා.ප්‍ර. බඩගින්න

කුසතණ

නා.ප්‍ර. එනම් තෘණ වර්ගය

කුසලතා

නා. දක්ෂතාව; සමත්බව (පා. කුසලතා)

කුසලාන

නා.ප්‍ර. චෂකය/ තරග ජයග්‍රහණයේ දී පිරිනැමෙන ජය සංකේතය

කුස්තුරය

නා. ගල් ගඩොල් ආදිය බැඳීමේ දී එකිනෙක අතර ඇති පටු පරතරය (පුර්. costura)

කුහුඹුවා

නා. කෘමි වර්ගයක්

කුහුල

නා. අපූර්ව වස්තු විෂයෙහි ජනිත වන ආශාව; කුතුහලය (පා. සං. කුතුහල)

කුළ

නා. පර්වතය; ගිරිකුළ/ යකුළ (පා. සං. කූට)

කුළප්පුව

නා. කඩිමුඩිය; කලබලය/ නොහික්මුණු බව (දෙ. குழப்பு, குழப்பம்)

කුළම

නා. වැව (දෙ. குழம்)

කුළල

නා. බොටුව; බෙල්ල (දෙ. குழல்)

කුළල්කෑම

නා. එකිනෙකා අතර ගැටුම් ඇති කර ගැනීම

කුළු

1. වි. කපටි; කූට/ හීලෑ නැති; චණ්ඩ (පා. සං. කූට) 2. කර්කශ; අමිහිරි (පා. සං. කටුක)

කුළුගන්වනවා

ක්‍රි. මුදුන්පත් කරවනවා; මස්තකප්‍රාප්ත කරවනවා

කුළුගෙඩිය

නා. යකුළ; ගල් කැඩීමට ගන්නා මිටිය