බුද්ධදත්ත පාලි අකාරාදිය – 146

උපකඩ්ඪති

(උප+කඩ්ඪ+අ) සමීපයට අදී.

උපකණ්ණක

න. අනුන්ගේ කථාව ඇසෙන තරමේ දුර තැන.

උපකප්පති

(උප+කප්ප+අ) යෝග්‍ය වේ; ළඟට පැමිණේ.

උපකප්පන

න. පැමිණීම; ලැබීම.

උපකරණ

න. උපකාර වන දෙය; උවමනා දෙය.

උපක්කම

පු. උත්සාහය; උපාය; පිළිවෙළ.

උපක්කමති

(උප+කමු+අ) උපාය යොදයි; පහර දෙයි.

උපක්කමන

න. උපක්‍රම යෙදීම; පහර දීම.

උපක්කමිත්වා

පූ.ක්‍රි. උත්සාහ කොට.

උපක්කිලෙස

පු. කිලුට; බාධාව.

උපක්කීතක

3. මිල දී ගනු ලැබූ අය.

උපක්කුට්ඨ

3. දෝෂාරෝපණය ලැබූ.

උපක්කොස

පු. දෝෂාරෝපණය.

උපක්කොසති

(උප+කුස+අ) දොස් නගයි; නින්දා කරයි.

උපක්කොසන

පු. දෝෂාරෝපණය.

උපක්ඛට

3. සමීපයට ගෙන ආ.

උපක්ඛලන

න. පය හැපීම; බාධාවීම.

උපකාර

පු. උපස්තම්භය; පිහිට.

උපකාරක

3. උපකාර කරන; උපස්තම්භ වන.

උපකාරිකා

ඉ. උපකාර කරන්නී; කොටු බැම්මේ මුල ශක්තිමත් කරන බැම්ම.

උපකාරිනී

ඉ. උපකාර කරන්නී.

උපකාරී

පු. උපකාර කරන්නා.

උපකිලිට්ඨ

3. කිලිටි වූ.

උපකූජති

(උප+කූජ+අ) පක්ෂියා ප්‍රීති නාද කරයි.