බුද්ධදත්ත පාලි අකාරාදිය – 421
පපුත්ත
පු. මුනුබුරා.
පබන්ධ
පු. ගාථා බැඳීම් ආදිය; නොසිඳී පැවැත්ම.
පබල
3. ඉතා බලවත්.
පබ්බ
න. කොටස; පුරුක; සන්ධිය.
පබ්බජති
(ප+වජ+අ) ගිහිගෙය හැර යයි; පැවිදි වේ.
පබ්බජන
න. පැවිදිවීමට ලෑස්තිව සිටින්නා.
පබ්බජන්ත
3. පැවිදිවෙන; පැවිදිවෙමින්.
පබ්බජ්ජා
ඉ. පැවිද්ද; පැවිදි වීම.
පබ්බජිත
3. පැවිදි වූ; පු. පැවිද්දා.
පබ්බජිත්වා
පූ.ක්රි. පැවිදි වී.
පබ්බජිතුං
නි. පැවිදිවන්නට.
පබ්බජිය
පූ.ක්රි. පැවිදි වී.
පබ්බත
පු. කන්ද; පර්වතය.
පබ්බතකූට
න. කඳු මුදුන.
පබ්බතගහන
න. කඳුවලින් ගැවසීගත් පෙදෙස.
පබ්බතට්ඨ
3. පර්වතයෙහි සිටි.
පබ්බතපාද
පු. කඳු පාමුල.
පබ්බතසිඛර
න. කඳු මුදුන.
පබ්බතෙය්ය
3. එහි උපන්; පර්වතයන්හි හැසිරෙන.
පබ්බාජන
න. නෙරපීම; පැවිදි කිරීම; පිටමං කිරීම.
පබ්බාජනීය
3. නෙරපිය යුතු.
පබ්බාජෙත්වා
පූ.ක්රි. පැවිදි කරවා; රටින් නෙරපා.
පබ්බාජෙති
(ප+වජ+ණෙ) නෙරපයි; පැවිදි කරයි; රටින් පිටකරයි.
පබ්භාර
3. නැමුණු; පු. කන්ද බිඳීයාමෙන් සෑදුණු ගුහාව වැනි තැන.