බුද්ධදත්ත පාලි අකාරාදිය – 572

රුත

න. නාදය; ශබ්දය; හැඬීම.

රුදති

(රුද+අ) නාදකරයි; හඬයි.

රුදන්ත

3. හඬන; හඬමින්.

රුදම්මුඛ

3. කඳුලු පිරුණු මූණු ඇති; හඬන.

රුදමාන

3. හඬන; හඬමින්.

රුද්ද

3. නපුරු; රෞද්‍ර.

රුද්ධ

3. අවහිර කළ; වැළැක්වූ.

රුදිත

න. හැඬීම.

රුදිත්වා

පූ.ක්‍රි. හඬා.

රුධිර

න. ලේ.

රුන්ධති

(රුධි+ංඅ) අවහිර කරයි; වළක්වයි; හිර කරයි.

රුන්ධන

න. අවහිර කිරීම.

රුන්ධිත

3. අවහිර කළ; වැළැක්වූ.

රුන්ධිත්වා

පූ.ක්‍රි. අවහිර කොට.

රුප්පති

(රුප+ය) කෝප වේ; විකාරයට පත්වේ; වෙනස් වේ.

රුප්පන

න. විකාරය; වෙනස් වීම.

රුප්පන්ත

3. වෙනස්වන; වෙනස්වෙමින්.

රුප්පමාන

3. වෙනස්වන; වෙනස්වෙමින්.

රුරු

පු. මුව වර්ගයක්.

රුහ

3. නැගෙන; නැගෙන්නා; වැඩෙන; වැඩෙන්නා.

රුහිර

න. ලේ; ලේ.

රූප

න. ඇසට පෙනෙන දෙය; ද්‍රව්‍යය; ප්‍රතිමාව; මිනිසකුගේ පිටස්තර පෙනීම; රූපය; සිතියම.

රූපක

න. උපමාව; කුඩා රූපය; රූකඩය.

රූපතණ්හා

ඉ. දකිනදෙයට ආශාව.