බුද්ධදත්ත පාලි අකාරාදිය – 644

විලඞ්ඝෙති

(වි+ලංඝ+ණෙ) ඉක්මවයි; නීති කඩයි.

විලපති

(වි+ලප+අ) වැලපේ; විලාප කියයි.

විලපන්ත

3. විලාප කියන; විලාප කියමින්.

විලපමාන

3. විලාප කියන; විලාප කියමින්.

විලපිත්වා

පූ.ක්‍රි. වැලපී; විලාප කියා.

විලම්බති

(වි+ලම්බ+අ) අහළ පහළ කැ‍රකෙමින් සිටියි; නිකරුණේ කල් ගත කරයි; (වි+ලම්බ+ණෙ) කවටකම් කරයි; විගඩම් කරයි.

විලම්බිනී

ඉ. එල්ලෙන්නී; වැල.

විලය

පු. දියවී යාම.

විලසති

(වි+ලස+අ) අලංකාරය පෙන්වයි; බබළයි.

විලසිත

3. අලංකාර වූ; බැබළෙන.

විලසිතුං

නි. බබළන්ට.

විලාප

පු. වැලපීම; විලාපය.

විලාස

පු. ආකාරය; වේශය.

විලාසිතා

ඉ. නොයෙක් ආකා‍රයෙන් සැරසෙනු කැමැත්ත.

විලාසී

3. අලංකා‍රය පෙන්වන; වේශ ඇත්තා.

විලිඛති

(වි+ලිඛ+අ) ඉරි ඉඳියි; පහුරුගායි; හූරයි.

විලිඛිත

3. හූරා දැමූ.

විලිත්ත

3. ආලේප කළ; ගාන ලද; විලවුන් ගෑ.

විලිම්පති

(වි+ලිප+ංඅ) ආලේප කරයි; ගායි; විලවුන් ගල්වයි.

විලිම්පිය

පූ.ක්‍රි. ආලේප කොට; විලවුන් ගා.

විලිම්පෙත්වා

පූ.ක්‍රි. ආලේප කොට; විලවුන් ගා.

විලිම්පෙති

(වි+ලිම්ප+ණෙ) ආලේප කරයි; විලවුන් ගායි.

විලිම්පෙන්ත

3. ආලේප කරන; විලවුන් ගාමින්.

විලීන

3. උණු කිරීමෙන් බුරුල් කළ; දිය කළ; දියාරු වූ.