සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 556

නිරුජ්ඣන

න. නිරුද්ධය, නොපෙනීයාම. (පි. 341)

නිරුත්තම

පු. සව්ර්‍ඥයන්වහන්සේ. (පි. 341)

නිරුත්තර

පු. උත්තම, ශ්‍රේෂ්ඨ. (පි. 341)

නිරුත්ති

ඉ. නිරුත්තිය, න්‍යාය, එනම් වෙදාඞග ශාස්ත්‍රය. (පි. 341)

නිරුත්තිපථ

න. නිරුක්තිපථය. (පි. 341)

නිරුදක

න. ජල රහිත. (පි. 341)

නිරුද්ධ

න. අභාප්‍රාප්ත, විනාශයට ගිය. (පි. 341)

නිරුන්ධති

ක්‍රි. (√ භු. රුධි, ආවරණෙ, වැසීමෙහි +ති) නොපෙනීයයි. (පි. 341)

නිරුපද්දව

පු. උපද්‍රව රහිත, උවදුරු නැති. (පි. 341)

නිරුස්සාස

පු. උස්සාහ රහිත. (පි. 341)

නිරුස්සුත්ත

පු. වීර්‍ය්‍ය රහිත. (පි. 341)

නිරූපකාර

පු. උපකාර රහිත, උපකාර නැති. (පි. 341)

නිරූපඝාත

පු. උපඝාත රහිත. (පි. 341)

නිරූපධි

ඉ. උපධි රහිත. (පි. 341)

නිරූපන

න. දැක්වීම, පෙන්වීම. (පි. 341)

නිරූපම

ඉ. උපමා රහිත. (පි. 341)

නිරූපලෙපන

න. අනුපලෙපනය. (පි. 341)

නිරොග

පු. රොග රහිත, නිරෝගීහු. (පි. 341)

නිරොජ

පු. ඔජා රහිත. (පි. 341)

නිරොධ

පු. නිර්‍වාණය, විනාශය, ආවරණය. (පි. 341)

නිරොධසච්ච

න. චතුරාර්‍ය්‍ය සත්‍යයෙහි තුන්වන සත්‍යය. (පි. 341)

නිරොධික

පු. නිරොධය ඇති, නිරුද්ධකරන. (පි. 341)

නිරොධෙති

ක්‍රි. (√ භු. රුධි, ආවරණෙ, වැසීමෙහි, ණෙ+ති) නිරුද්ධ කෙරෙයි. (පි. 341)

නිලය

පු. ගෙය. (පි. 341)