සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 558

නිවාසිත

පු. වාසය කළ, විසූ. (පි. 342)

නිවාසී

පු. වාසය කරන්නා. (පි. 342)

නිවාසෙති

ක්‍රි. (√ භු. වස, නිවාසෙ, වැසීමෙහි, නි+වස+ණෙ+ති) වාසය කරවයි. (පි. 342)

නිවිට්ඨ

ති. අන්තර්‍ගත, ඇතුළත්. (පි. 342)

නිවුත

ති. වටකළ, පරික්ෂෙප කළ. (පි. 342)

නිවුත්ත

ති. පහළ කළ, හරණ ලද. (පි. 342)

නිවුවාණ

න. නිබ්බාන, නිවන, වාණ රහිත. (පි. 342)

නිවෙදක

පු. නිවේදකයා, දන්වන්නා. (පි. 342)

නිවෙදන

න. දැන්වීම. (පි. 342)

නිවෙදෙති

ක්‍රි. (√ භු. විද, ඤාණෙ, දැනුමෙහි, නි+විද+ණෙ+ති) දන්වයි. (පි. 342)

නිවෙස

පු. ඇතුළත්වීම. (පි. 342)

නිවෙසන

න. ගෙය. (පි. 342)

නිවෙසිත

පු. හිඳින ලද. (පි. 342)

නිවෙසෙති

ක්‍රි. (√ භු. වස, නිවාසෙ, වැසීමෙහි, නි+වස+ණෙ+ති) වෙසෙයි. (පි. 342)

නිසග්ග

පු. ස්වභාව. (පි. 342)

නිසජ්ජ

ඉ. නිසද්‍යය, නිද්‍රාව. (පි. 342)

නිසජ්ජන

න. හිඳිම, ඉඳීම. (පි. 342)

නිසජ්ජනට්ඨාන

න. ඉඳිනාතැන. (පි. 342)

නිසම්ම

ක්‍රි. වි. ප්‍රවේසම්සහිත, කල්පනා සහිත. (පි. 342)

නිස්සංසය

පු. නිශ්චිත, එකාන්ත. (පි. 343)

නිස්සක්කන

න. පලායෑම, ලිස්සා යෑම. (පි. 342)

නිස්සක්ත

න. පිටතයෑම, නික්මයෑම. (පි. 342)

නිස්සග්ගිය

පු. හැරියයුතු, ඉවත දැමිය යුතු. (පි. 342)

නිස්සඞ්ගෙ

ති. පරාර්ථකාමී, නොඇලුණු. (පි. 342)