සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 670

ඵුට

ති. ව්‍යක්තදෙය, ස්පර්ශ කළ, පතල.
√ භු. විකිරණෙ, විසිරීමෙහි, ඵොටති, විසිරෙයි.
√ චු. කථනෙ, කීමෙහි, ඵොටෙති, ඵොටයති=කියයි.
√ චු. පීඩනෙ, පෙළීමෙහි, ඵොටෙති, ඵොටයති, පෙළයි, පීඩා කරයි.
√ චු. භෙදනෙ, බිඳිමෙහි, ඵොටෙති, ඵොටයති, බිඳියි. (පි. 397)

ඵුටන

න. පැලීම. (පි. 397)

ඵුට්ඨ

ති. ස්පර්ශය, ස්පර්ශ කළ. (පි. 397)

ඵුටිත

ති. පලන ලද, ඵලිත. (පි. 397)

ඵුණ

√ භු. විකිරණාදීසු, විසිරීම් ආදියෙහි, ඵුණති, විසුරුවයි. (පි. 397)

ඵුථ

√ භු. විකාසෙ, ප්‍රබෝධයෙහි, ඵුථති , පිපෙයි.
√ භු. විකිරණෙ , විසිරීමෙහි, ‍ඵොටති , විසිරෙයි. (පි. 397)

ඵුර

√ භු. ඵාලන, සොභනෙසු, සැලීමෙහි, සොභාවෙහි, ඵුරති, සැලෙයි, බබළයි.
√ තු. චලනෙසු, සැලීමෙහි, පිනවීමෙහි. (පි. 397)

ඵුල

√ භු. රාසිකරණෙ, රැස්කිරීමෙහි. ඵුලති, රැස්කෙරෙයි, පැතිරෙයි. (පි. 397)

ඵුලලිත

ති. ප්‍රබුද්ධවන ලද, පිපුණ. (පි. 397)

ඵුල්ල

√ භු. පටිසංඛරණෙ, ප්‍රතිසංස්කරණයෙහි, ඵුල්ලති, ප්‍රතිසංස්කරණය කරයි.
√ භු. විකාසෙ, පිපීමෙහි, ඵුල්ලති, මල් පිපෙයි. (පි. 397)

ඵුල්ලපටිසංඛරණ

න. කැඩුම් බිඳුම් අලුත්වැඩියා කිරීම, කැඩුම් බිඳුම් සාදා පෙර පැවති තත්වයට පැමිණවීම. (පි. 397)

ඵුලිඞ්ග

පු. ගිනි අඟුරු, විස්ඵුලිඞ්ග. (පි. 397)

ඵුස

√ භු. ඵස්සෙ, ස්පර්ශ කිරීමෙහි, ඵුසති, ස්පර්ශ කරයි, ඵස්සො.
√ කි. සෙනහෙ, සෙනහයෙහි, ඵුසොති, සෙනහකරයි. (පි. 397)

ඵුසති

ක්‍රි. (ඵුස+ති) ස්පර්ශ කෙරේ. (පි. 397)

ඵුසන

න. ස්පර්ශ කරන, ස්පර්ශය. (පි. 397)

ඵුස්ස

පු. පුසේ නැකත, දුරුතු මාසය. (පි. 397)

ඵුස්සතිල

න. මංගලතල, තල මංගල්‍ය වස්තුවකැයි සලකනු ලැබේ. (පි. 397)

ඵුස්සරථ

පු. යුධයට නොයන රථය, මගුල් රථය. (පි. 397)

ඵුස්සරාග

පු. මාණික්‍ය විශේෂයක්, පුෂ්පරාග මණික. (පි. 397)

ඵුස්සීත

න. ඔබ්බන ලද, කාවද්දන ලද. (පි. 397)

ඵුසිත

ති. ස්පර්ශ කළ, පහස කළ. (පි. 397)

ඵුසිතක

පු. දියබින්දු, “ථුල්ලඵුසිතකෙ දෙවෙවස්සනෙත.” (පි. 397)

ඵුසී

ඉ. කටුවැල්බටු. (පි. 397)

ඵුළ

√ භු. ඡාදනෙ, වැසීමෙහි, ඵුළති, වසයි. (පි. 397)