සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 679

බාහිය

ති. විදෙශීය, අන් රටකට අයති. (පි. 400)

බාහිර

පු. පිටත, ඉවත. (පි. 400)

බාහිරක

පු. පිටත වූ, ශාසනයෙන් පිටත වූ. (පි. 400)

බාහිරිම

ති. පිටත, බාහිර. (පි. 400)

බාහු

පු. බාහුව, වැලමිටේ පටන් උරහිස දක්වා අතේ උඩ කොටස. (පි. 400)

බාහුජ

පු. ක්ෂත්‍රියයා, ක්ෂත්‍රිය වංශිකයා, ක්ෂත්‍රියයා, බ්‍ර‍හ්මයාගේ බාහුවෙන් උපන්නේය යන මිථ්‍යා මතය පරිදි මෙසේ ව්‍යවහාර විය. (පි. 400)

බාහුජඤ්ඤ

න. බොහෝදෙනා විසින් දන්නා ලද්ද. (පි. 400)

බාහුමූල

න. කිසිල්ල, කිහිල්ල. (පි. 400)

බාහුමූලභූසන

න. අඟුපලඳනාව. (පි. 400)

බාහුල්ලතා

ඉ. බහුල භාවය. (පි. 400)

බාහුල්ලික

බොහෝ බැවින් යුත්. (පි. 400)

බාහුල්‍ය

න. බොහෝ බව, බහුල බව. (පි. 400)

බාහුලික

ති. බොහෝසේ පවත්නා. (පි. 400)

බාහුසච්ච

න. බහුශ්‍රැත භාවය. (පි. 400)

බාහෙත්වා

අ. වලක්වා. (පි. 400)

බාහෙති

ක්‍රි. √ භු. බාහ, (නිවාරණෙ, වැලක්වීමෙහි +ණෙ+ති) වලක්වයි. (පි. 400)

බාළ්හ

පු. අතිශය, බලවත්, දැඩි. (පි. 400)

බාළ්හික

ති. බොහෝ සම්පත් ඇති, බොහෝ දේ ඇති. (පි. 400)

බිදල

න. වේවැල. (පි. 401)

බිදලාමඤ්චක

ති. වේපත්වලින් වියන ලද ඇඳ. (පි. 401)

බින්දු

පු. අනුස්වාරය, 0-ඒක ඝන වස්තුව, ස්වල්පය. (පි. 401)

බිම්බ

න. ප්‍ර‍තිමාව, මණ්ඩලය, කෙම්වැල. (පි. 401)

බිම්බක

න. පිළිරුව, ප්‍ර‍තිරූපය. (පි. 401)

බිම්බජාත

න. ධම්මදස්සී බුදුන්ගේ බෝරුක (පි. 401)