සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 678

බාධන

න. බාධාව, වැලැක්වීම. (පි. 400)

බාධා

ඉ. දුක, වැලකීම.
√ භු. හිංසායං, පෙළීමෙහි, බාධති = පෙළයි. (පි. 400)

බාධික

ති. බාධාකළ, හිංසාකළ. (පි. 400)

බාධිත

ති. බාධාකළ, හිංසා කළ. (පි. 400)

බාධෙති

ක්‍රි. (√ භු. බාධ, ‍හිංසායං, පෙළීමෙහි +ණෙ+ති) හිංසා කෙරෙයි, බාධා කරයි. (පි. 400)

බාරාණසී

ඉ. බරණැස් නුවර, ඉසිපතනය පිහිටි මෙම නගරය වනාහි අප්‍ර‍මාණ දීර්‍ඝ කාලයක් මුලුල්ලෙහි අන්‍යනාමයකට නොපෙරළා මේ බාරාණසී නාමයෙන්ම පැවැතෙන බව බොහෝ ජාතක කථාවන් ගේ අතීත කථා වස්තූන් ගෙන් පෙනීයේ. (පි. 400)

බාරාණසෙය්‍යක

පු. බරණැසට අයත්, බාරාණසිය පිළිබඳ. (පි. 400)

බාල

ති. බාලයා, ප්‍ර‍ථම වයසින් යුක්තයා, ළදරුවා, අඥානයා, මෝඩයා. (පි. 400)

බාලක

පු. බාලයා, ළදරුවා. (පි. 400)

බාලකී

ඉ. ළදැරී, බාල තැනැත්තී. (පි. 400)

බාලතනය

පු. කිහිරිගස. (පි. 400)

බාලතා

ඉ. බාල බව. (පි. 400)

බාලිස

පු. බාල, මූඪ. (පි. 400)

බාලිසික

පු. මාළු මරන්නා, කෙවුලා. (පි. 400)

බාලෙය්‍ය

පු. කොටළුවා, ගද්‍ර‍භයා. (පි. 400)

බාවීසති

ඉ. දෙවිස්ස, විසිදෙක-22 (පි. 400)

බාහ

න. බාහුව, අත. (පි. 400)

බාහති

ක්‍රි. √ භු. බාහ, නිවාරණෙ, (වැලැක්මෙහි +ති) වලක්වයි. (පි. 400)

බාහන

න. වැලැක්ම. (පි. 400)

බාහ්‍ය

න. පිටත. (පි. 400)

බාහික

ති. විදෙශීය, පිට රටකට අයත්. (පි. 400)

බාහිත

ති. පිටකළ, ඉවත්කළ, බැහැර කළ. (පි. 400)

බාහිතිකා

ඉ. වැස්ම, මැන්ටලය, සිවිය. (පි. 400)

බාහිතෙය්‍ය

ති. පිටත තැබිය යුතු. (පි. 400)