සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 730
මුනි
පු. බුදුරජ, ධ්යායිහු, තපස්වියා. (පි. 428)
මුනින්ද
පු. මුනීන්ද්ර, මුනිරජ, බුදුරජ. (පි. 428)
මුබබි
ඉ. දුනුදිය. (පි. 428)
මුබ්බ
√ භු. බන්ධනෙ, බැඳීමෙහි, මුබ්බති, බඳියි. (පි. 428)
මුබ්බා
ඉ. මොරගස. (පි. 428)
මුම්මූ
න. කැඩීමේ හා හැප්පීමේ ශබ්දය. (පි. 428)
මුය්හති
ක්රි. (√ භු. මුහ, මෙචිත්තෙසු, මුළාවීමෙහි +ති) මුලා වෙයි. (පි. 428)
මුය්හන
න. මුළාවිම. (පි. 428)
මුර
√ භු. වෙඨනෙ, වෙළීමෙහි, මුරති, වෙළයි. (පි. 428)
මුරජ
පු. මිහිඟු බෙරය, මුතිඞ්ගය. (පි. 428)
මුරුමුරා
අ. ඇඹරීමේ හා කැඩීමේ ශබ්දය. (පි. 428)
මුරුමුරායති
ක්රි. මුරු මුරු යන අනුකරණයෙන් ශබ්ද කරයි. (පි. 428)
මුලා(ළා)
ලපුප්ඵ, න. පද්මය, පියුම්, මල. (පි. 428)
මුස
√ භු. මොසෙ, මුළාවීමෙහි, මුසති, මුළාවෙයි.
√ භු. ගරහනෙ, ගැරහීමෙහි, මුසති, ගරහයි.
√ භු. චොරියෙ, සොරකම් කිරීමෙහි මුසති, සොරකම් කරයි.
√ කි. චොරියෙ, සොරකමෙහි මුසාති, සොරකම් කරයි. (පි. 428)
මුසති
ක්රි. (√ භු. මුස, ගරහණෙ, ගැරහීමෙහි +ති) ගරහයි, සොරකම් කරයි. (පි. 428)
මුසල
පු. මෝල, මොහොල, වී කොටන මෝල් ගස. (පි. 428)
මුසලක
න. කුඩා මෝල් ගස, කුඩා ළමයින් සෙල්ලම් කරන කුඩා මෝල් ගස. (පි. 428)
මුසලමාරක
පු. මහමදිකජනය, මුස්ලිම් ජනයා. (පි. 428)
මුස්සති
ක්රි. (√ භු. මුස, මෝසෙ, මුළාවීමෙහි +ති) මුළාවෙයි, විනාසවෙයි. (පි. 428)
මුස්සන
න. මුළාව, විනාසය. (පි. 428)
මුසා
අ. බොරුබස, අසත්යයෙහි. (පි. 428)
මුසාවාද
පු. බොරුබස, බොරුකීම. (පි. 428)
මුහ
√ භු. මුච්ඡායං, අදස්සනෙච මුසපත්වීමෙහි, නොදැක්මෙහි, මුහ්යති, මුසපත් වෙයි.
√ දි. අදස්සනෙ, නොදැක්මෙහි, මුය්හති පම්මුයහති, මුළාවෙයි. (පි. 428)
මුහුං
අ. නැවත නැවත යනාර්ථයෙහි. (පි. 428)