සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 729

මුදති

ක්‍රි. (√ භු. මුද, සන්තොසෙ, සතුටුවීමෙහි +ති) සතුටු වෙයි. (පි. 427)

මුද්දා

ඉ. මුද්‍රා ශාස්ත්‍ර‍ය, මුදුව, මුද්ද, මුදුහිරුව. (පි. 427)

මුද්දික

පු. හස්ත මුද්‍රාදිය පුරුදු කරන තැනැත්තා. (පි. 427)

මුද්දිකා

ඉ. මිදිවැල, පේරැස් මුද්ද. (පි. 427)

මුද්ධ

පු. හිස, ඉස, ඔලුව.
ති. මූඪ අන්දය. (පි. 428)

මුද්ධජ

පු. මුදුනෙහිත්, කෙස්, මූර්‍ධන්‍යාක්ෂර, ට, ඨ, ඩ, ඪ, ණ, ර, ල යන අකුරු (පි. 428)

මුද්ධට

පු. මෝඩ ස්වභාව ඇත්තා. (පි. 428)

මුද්ධමාල්‍ය

න. මුදුන් මල් කඩ. (පි. 428)

මුද්ධාභිපාත

න. හිසට පහරදීම, හිසට ගැසීම. (පි. 428)

මුද්ධාභිසිත්ත

පු. මස්තකයෙහි අභිසෙක කරන ලද, කිරීටධාරි රජු. ක්ෂත්‍රියයා (පි. 428)

මුද්ධාවසිත්ත

පු. මස්තකයෙහි අභිසෙක කළ (පි. 428)

මුදා

ඉ. සන්තෝෂය, ප්‍රීතිය. (පි. 428)

මුදිත

ති. සතුටුවන ලද, තුටුවන ලද, තොස්වන ලද. (පි. 428)

මුදිතා

ඉ. මුදිතාව. (පි. 428)

මුදු

ති. මොලොක්දෙය, අතීක්ෂණ දෙය, රළු නොවන. (පි. 428)

මුදුක

ති. මෘදු, මොලොක්. (පි. 428)

මුදුතච

පු. රුක්බුරුද, මොලොක් සිවිය. (පි. 428)

මුදුතලුන

පු. මෘදු තරුණ, මොලොක් සහ තරුණ. (පි. 428)

මුදුතා

ඉ. මෘදු බව. (පි. 428)

මුදුපිට්ඨික

පු. මොලොක් පිට ඇත්තා පිට නැමීමට පුරුදු කළ බැවින් මෘදු පිට ඇත්තා. (පි. 428)

මුධා

අ. නිරර්‍ථකයෙහි, හිස්, තුච්ඡ. (පි. 428)

මුන

න. ඥානය, නුවණ, (පි. 428)

මුනන

න. සත්‍යය සොයා දැන ගැනීම, ඥානය, නුවණ. (පි. 428)

මුනානි

ක්‍රි. (√ කි. මුන - ඤාණෙ. දැන ගැනීමෙහි +ති) දැනගනියි. (පි. 428)