සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 798

වාචාල

පු. වාචාලයා. (පි. 463)

වාචික

න. සන්දේශ වචනය. (පි. 463)

වාචිත

ති. කියවන ලද. (පි. 463)

වාචෙති

ක්‍රි. (√ භු. වද, වියත්තියං, වාචායං, වියත් වචනයෙහි +ණෙ+ති) කියයි. (පි. 463)

වාජ

පු. ඊපත්‍ර‍ය, හීපත්‍ර‍ය, ඊය. (පි. 463)

වාජපෙය්‍ය

න. එනම් යාගය. (පි. 463)

වාජිත

ති. පිහාටුවලින් කළ. (පි. 463)

වාජින

න. හස්තියා, ඇතා. (පි. 463)

වාජී

පු. අශ්වයා, අසු, සෛන්ධවයා. (පි. 463)

වාට

න. වල, වැසූ ස්ථානය, ආවරණය කළ තැන. (පි. 463)

වාටක

න. වැස්ම, ආවරණය. (පි. 463)

වාණ(න)

න. තෘෂ්ණාව, ගෙත්තම් කිරීම, වියමන. (පි. 464)

වාණිජ

පු. වාණිජයා, වෙළෙන්දා, වෙළඳාම. (පි. 463)

වාණිජක

පු. වෙළෙන්දා. (පි. 463)

වාණිජ්ජ

න. වෙළඳාම. (පි. 463)

වාණී

ඉ. තෙපුල, වචනය. (පි. 463)

වාත

පු. වාතය, සුළඟ.
√ චු. ගමනෙ, සුඛෙච, යාමෙහි හා සැපයෙහි, වාතෙති, වාතයති, යෙයි, සැප වෙයි. (පි. 463)

වාත ඝාතක

පු. වාතය නසන්නා, ඇසළ ගස. (පි. 463)

වාත භක්ඛ

පු. වාතය අනුභවකරන්නා. (පි. 463)

වාත මීග

පු. වාත මෘගයා, වාතයෙන් වැටෙන ලද පත්‍ර‍ ආදියේ ශබ්දයට බියවන මුව වර්‍ගයක්. වාතවේගය වැනි ජව ඇති මෘග විශේෂයක්. (පි. 463)

වාත සකුණ

පු. එනම් පක්ෂියා. (පි. 463)

වාතක

පු. වාතය, සුළඟ. (පි. 463)

වාතණ්ඩ

පු. අණ්ඩවාතය, වෘද්ධි රෝගය, අණ්ඩ වායු රෝගය. (පි. 463)

වාතපාන

න. කවුළු දොර, ජනෙලය. (පි. 463)