සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 797
ව්‍යග්ඝ
පු. ව්‍යාඝ්‍රයා. (පි. 485)
ව්‍යග්ඝ පුච්ඡි
ඉ. ව්යාඝ්රවාලධිය, එඬරු ගස. (පි. 485)
ව්යග්ඝී
ඉ. ව්යාඝ්ර ධෙනුව, කටුවැල්බටු. (පි. 485)
ව්යග්ඝීනස
පු. උකුස්සා. (පි. 485)
ව්යඤ්ජක
පු. සරඹ කිරීම, යුද්ධ පුරුදු කිරීම. (පි. 485)
ව්‍යඤ්ජන
න. ස්ත්‍රී පුරුෂාදි නිමිති, ගාත්රාක්ෂර, ව්යඤ්ජනාක්ෂර, සූප = බ්‍යඤ්ජන, ලක්ෂණ, ලකුණු, පද. (පි. 485)
ව්යඩම්බක
පු. එරඬු. (පි. 485)
ව්‍යත්ත
ති. ව්‍යක්ත, වියත්, දක්ෂ.
ති. පතළ, ව්‍යාප්ත දෙය. (පි. 485)
ව්යත්තය
පු. විපර්‍ය්‍යාසය. (පි. 485)
ව්යථා
ඉ. අරළු. (පි. 485)
ව්‍යථිත
ති. පීඩිත, පොඩිකළ. (පි. 485)
ව්යධ
පු. විදීම, වෙධනය. (පි. 485)
ව්යධති
ක්‍රි. (√ භු. විධ, කම්පනෙ, සැලීමෙහි +ති) සැලෙයි.
ක්‍රි. (√ චු. විධ, කම්පනෙ, සැලීමෙහි +ති) චංචල වෙයි. (පි. 485)
ව්‍යන්ති
ඉ. අවසානය, කෙළවර. (පි. 485)
ව්යන්තිකත
ති. අවසන් කළ, කෙළවර කළ. (පි. 485)
ව්යන්තිකරණ
න. කෙළවර කිරීම, අවසන් කිරීම. (පි. 485)
ව්යපගච්ඡති
ක්‍රි. (√ භු. ගමු, ගතියං, යෑමෙහි +ති) පහව යෙයි, ඉවත්ව යෙයි. (පි. 485)
ව්යපගත
ති. පහවගිය, ඉවත්ව ගිය. (පි. 485)
ව්යපනුජ්ජ
අ. නසා, විනාශ කොට. (පි. 485)
ව්යපනුදති
ක්‍රි. (√ භු. නුද, පෙරණෙ, සුණු කිරීමෙහි +ති) එළවයි. (පි. 485)
ව්යපහඤ්ඤති
ක්‍රි. √ භු. හන, හිංසායං, හිංසාවෙහි +නසයි. (පි. 485)
ව්යප්ප
පු. උපුල් කොළ. (පි. 485)
ව්යප්පථ
පු. නිෂ්ඵල, ප්‍රයොජන රහිත. (පි. 485)
ව්යප්පනා
ඉ. සිත යෙදීම, ඇහුම්කන් දීම. (පි. 485)
ව්යම්හ
න. දෙව්විමන, දේව විමානය. (පි. 485)
ව්‍යය
පු. වස්තු විනාශය, නැසීම, විනාශය. (පි. 485)
ව්යය්යග්ඝී
පු. ව්යාඝ්ර සමින් කළ පළඳනා දරන්නා. (පි. 485)
ව්යය්යඤ්ජනික
පු. නිමිති දන්නා, ශාස්ත්‍ර කියන්නා. (පි. 486)
ව්යය්යත්ති
න. දක්ෂකම, නිපුණ බව. (පි. 485)
ව්යය්යත්තිය
න. නිපුණත්වය, දක්ෂකම. (පි. 486)
ව්යවඨාන
න. ව්යවඨානය, වෙන් කිරීම. (පි. 486)
ව්‍යවස්ථා
ඉ. ව්‍යවස්ථාව, නීතිය. (පි. 486)
ව්යවසාන
ති. තීරණය, යෝජනාව. (පි. 486)
ව්‍යවසිත
ති. තීරණය කළ, යෝජිත. (පි. 486)
ව්යවාද
පු. විරුද්ධවාදය, අන්යොන්යප්රතිවිරුද්ධවාදය. (පි. 486)
ව්යවාය
පු. මෙථුනය, මෙවුම්දම. (පි. 486)
ව්‍යසන
න. කාමක්‍රෝධ දෙකින් උපන් විකාරය, විපත. (පි. 486)
ව්යාකත
ති. ප්‍රකාශ කරන ලද, ප්‍රකාශ කළ. (පි. 486)
ව්‍යාකරණ
න. ශබ්ද ශාස්ත්‍රය, වියරණ, විශේෂ ප්‍රකාශය, නියමයෙන් ප්‍රකාශ කිරීම. (පි. 486)
ව්යාකාර
න. දැක්වීම, පිළියෙල කිරීම, දීප්තිය. (පි. 486)
ව්‍යාකුල
පු. වියවුල, ආකුල දෙය, අවුල් සහිත. (පි. 486)
ව්‍යාඛ්‍යා
ඉ. අර්ථවිවරණය, අටුවාව, සන්නය. (පි. 486)
ව්‍යාඛ්‍යාත
ති. අටුවා කළ, විවරණය කළ. (පි. 486)
ව්‍යාඛ්‍යාන
න. අර්ථවිවරණය, අටුවාව සන්නය. (පි. 486)
ව්යාචික්ඛත
න. ප්‍රකාශකිරීම, කීම. (පි. 486)
ව්‍යාධ
පු. වැද්දා, විඳින්නා. (පි. 486)
ව්‍යාධි
ඉ. රෝගය, උපුල් කොළ. (පි. 486)
ව්‍යාධිගත
පු. ලෙඩා, රොගියා, ව්‍යාධි ඇත්තා. (පි. 486)
ව්යාධිඝාත
පු. ඇසළ ගස. (පි. 486)
ව්‍යාපක
න. සබඳකිරීම, සම්පූර්ණ කිරීම. (පි. 486)
ව්යාපජ්ජන
න. විපතට පැමිණීම. (පි. 486)
ව්යාපජ්ඣ
ති. කරදර කළ, හිංසාකළ. (පි. 486)
ව්‍යාපන්න
ති. විපතට පැමිණි, විකාරයට පැමිණි.
ති. විපතට පැමිණි, හානියට පැමිණෙන ලද. (පි. 486)
ව්‍යාපාද
පු. වෛරය, දශවිධ ආඝාත වස්තුව චිත්තයාගේ පැවති ආඝාතය. (පි. 486)
ව්යාපාදෙති
ක්‍රි. (√ භු. පද, ගතියං, යෑමෙහි +ණෙ+ති) වෛරකරයි. (පි. 486)
ව්‍යාපාර
න. ව්‍යාපාරය, රැකියාව, සේවය. (පි. 486)
ව්‍යාබාධ
පු. රෝගය, ව්‍යාධිය. (පි. 486)
ව්යාභඞ්ඟි
ඉ. කඳ, කාජය. (පි. 486)
ව්‍යාම
පු. රියන් සතර, බඹය. (පි. 486)
ව්යායක
ති. පළල් කළ. (පි. 486)
ව්යායත්ත
ති. පළල් කළ, දීර්ඝ කළ. (පි. 486)
ව්‍යායාම
පු. උත්සාහය, වීර්‍ය්‍යය. (පි. 486)
ව්යායික
පු. දිරීමට අයත් වන්නා. (පි. 486)
ව්යාරම්භ
න. උත්සාහ කිරීම, ප්රයත්න කිරීම. (පි. 486)
ව්යාරොස
පු. වෛරය. (පි. 486)
ව්යාලික
න. වරද, වැරැද්ද, දෝෂය. (පි. 486)
ව්‍යාවට
පු. ව්‍යාවෘත, යෙදී බැඳී විසීම, යෙදීම සිටීම. (පි. 486)
ව්යාවිද්ධ
ති. එහාට මෙහාට යන, චංචලවන. (පි. 486)
ව්‍යාස
පු. ප්‍රපඤ්චය, විස්තරය, එනම් සෘෂිය (පි. 486)
ව්යාසත්ත
ති. නපුරු කොට ඇලෙන ලද, නොනිසි ලෙස ඇලුණු, (පි. 486)
ව්යාසිඤ්චති
ක්‍රි. (√ භු. සිඤ්ච, සිඤ්චනෙ, ඉසීමෙහි +ති) අපිරිසිදු කරයි, නරක්කරයි. (පි. 486)
ව්යාසිත්ත
ති. වත්කළ. (පි. 486)
ව්යාසෙක
ති. මිශ්‍රකළ, හාමුකළ. (පි. 486)
ව්යාහරති
ක්‍රි. (√ භු. හර+හරණෙ, හැරීමෙහි +ති) කථා කරයි, ශබ්ද කරයි. (පි. 486)
ව්‍යුහ
පු. විනිවිද නොගිය වීථිය, සෙනාවින්යාසය, සමූහය. (පි. 486)
ව්යුහති
ක්‍රි. (√ භු. ඌහ, විතක්කෙ, විතර්කයෙහි +එකට) සිටියි. (පි. 486)
ව්යුළ්හ
ති. ගසාගෙන ගිය, ගෙනගිය. (පි. 486)
ව්යූහති
ක්‍රි. (√ භු. ඌහ, සඤ්චයෙ, රැස්කිරීමෙහි +ති) ගෙනයයි, අස්කරයි. (පි. 486)
ව්යූහන
න. රැස්කිරීම, ගෙනයෑම, ගසාගෙන යෑම. (පි. 486)
ව්යෙ
√ භු. නිවාරණෙ, වැලැක්මෙහි, ව්යයයති, වලකයි.
√ භු. පවත්තනෙ, පැවැත්මෙහි, ව්යෙති පවත්වයි.
√ භු. ආමන්තනෙ, කැඳවීමෙහි, ව්හෙති, අව්හෙති, කැඳවයි, ආමන්ත්‍රණය කරයි. (පි. 486)
ව්යොබාධික
පු. තදින් රොගාතුර වී ඇත්තා, “ව්යාබාධතො උප්පන්නත්තං ව්යෙයාබාධිකො.” (පි. 483)
ව්යොමකෙස
පු. ඊශ්වරයා. (පි. 486)
ව්‍යොවච්ච
න. වතාවත්, වත් පිළිවෙත්. (පි. 483)
ව්යොසික
ති. සම්පූර්ණ කළ, කෙළවර කළ. (පි. 486)
වා
අ. සම්පිණ්ඩන, උපමා, සන්දෙහ, පදපූරණ, ව්‍යවස්ථිත විභාසා, විකල්ප, නිශ්චය, යනමෙහි.
√ භු. ගමනෙ බන්ධනෙ ච, ගමනෙහි, බැඳීමෙහි, වාති, යෙයි, බඳියි.
√ දි. ගමනෙ වායනෙච, ගමනෙහි, හැමීමෙහි, වායති, යෙයි, හුලන් හමයි. (පි. 462)
වාක
න. රුක් සුඹුලු, ගස්පොතු. (පි. 462)
වාකචීර
න. තපසුන් අඳින ගස්පොතු වලින් සාදාගත් රෙදි වර්ගයක්.
න. මෘදු තෘණ, තීරු එකට වියා කරන ලද සිව්ර, පැදුරු ආකාරයෙන් කළ පැලලි සිව්ර. (පි. 462)
වාකරා
ඉ. වරදැල් වැද්ද. (පි. 462)
වාකරික
පු. වැර දැල් වැද්දා (පි. 462)
වාක්‍ය
න. වාක්‍යය, වගන්තිය, වචනය. (පි. 462)
වාක්යාරම්හ
පු. වාක්යයාගේ පටන් ගැන්ම. (පි. 462)
වාක්යාලඞ්කාර
පු. වාක්යයාගේ අලඞ්කාරය. (පි. 462)
වාගුරික
පු. වාකරි, වරදැල් වැද්දා. (පි. 462)
වාචංයම
පු. ධ්‍යානලාභීහු. (පි. 462)
වාචක
පු. කියන්නා, කථිකයා. (පි. 462)
වාචන
න. කියවීම. (පි. 463)
වාචනක
පු. කියවන්නා. (පි. 463)
වාචවලිඞ්ග
න. විෂෙශ්යයට බඳු ලිඟු ලබන ශබ්ද. (පි. 463)
වාචසික
පු. වචනයෙන් හටගත්, වචනයෙන් උපන්. (පි. 463)
වාචා
ඉ. තෙපුල, වචනය. (පි. 463)
වාචා වික්ඛෙප
පු. වචන වික්ෂෙපය. (පි. 463)
වාචාභිලාප
න. නොකටයුතු කථා. (පි. 463)