සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1037
ප්රතිලෝමය
(පාරිභා.) නා. 1. යථාක්රමයට අනුකූල නොවූව.
2. අග පටන් මුල දක්වා පිළිවෙළ
3. යම්කිසි සංඛ්යාවක් එකතු කිරීමෙහිත් අඩු කිරීමෙහිත් ප්රතිඵල වශයෙන් ප්රතිවිරුද්ධ වීම ; ආපසු ගමනය.
4. කිසියම් උද්භිදයක බීජයෙහි ලපයට විරුද්ධ දිශාවට කලලයේ බීජමූලය යොමු වී තිබීම.
5. යමක ප්රතිෂේධය බවට පත් වන අන්ය දෙයකින් නිගමනය කරගන්නා ලද ප්රස්තූතය.
ප්රතිවචනය
1. නා. පිළිතුරු වශයෙන් කියනු ලබන වචනය ; පිළිවදන ; ප්රතිඋත්තරය.
2. විරුද්ධ මතය ; විරුද්ධ වශයෙන් දක්වන අදහස.
ප්රතිවර්තකය
(පාරිභා.) නා. (භෞති.) ආපසු හැරවීමට උපයෝගී වන උපකරණය.
ප්රතිවර්තන ස්තරය
(පාරිභා.) නා. ක්රොමොස්ෆියර් හෙවත් සූර්ය වර්ණ මණ්ඩලයේ පහළ කොටස වශයෙන් පවතිමින් සූර්ය වර්ණමාලාවේ විලුප්ති රේඛා පහළ කරන ශීතල වායු තලය.
ප්රතිවර්තනය
නා. ආපසු හැරීම ; පළමු තත්ත්වය කරා ආපසු යෑම.
ප්රතිවර්ත්ය
(පාරිභා.) වි. පළමු තත්ත්වයට ආපසු හැරෙන ; ප්රතිවර්තනය වන.
ප්රතිවර්ත්ය ප්රතික්රියාව
(පාරිභා.) නා. (රසා.) දෙ පැත්තට ම සිදු විය හැකි රසායනික ප්රතික්රියාවක්.
ප්රතිවර්ත්ය වියෝජන වෝල්ටීයතාව
(පාරිභා.) නා. සෛද්ධාන්තික ලෙස ද්රාවණයක වියෝජනය සිදු නොවිය හැකි උපරිම වෝල්ටීයතාව.
ප්රතිවලිත
(පාරිභා.) වි. (උද්භි.) 1. ආපසු එතී ගිය.
2. පත්රයක හෙවත් කොළයක පත්රදාරය නාරටිය දෙසට නැමී ගිය.
ප්රතිවාක්යය
(පාරිභා.) නා. ප්රකාශයට විරුද්ධ ව පවසන වචනය ; පරස්පර විරෝධතාව.
ප්රතිවාතය
නා. විරුද්ධ දිශාවෙන් හමන සුළඟ ; උඩු සුළඟ.
ප්රතිවාදය
1. නා. වාදයකට පිළිතුරු වශයෙන් කරන කථාව ; පිළිතුරු කථාව ; විරුද්ධ කථාව.
2. විරුද්ධාර්ථය ; විරුද්ධ මතය ; ප්රතිවිරෝධී අදහස.
ප්රතිවාපය
1. නා. බෙහෙත් කසාය ආදියට සමානුපාතික ව මිශ්ර කර ගන්නා සීනි මීපැණි සහිඳ ලුණු ආදිය.
2. ඖෂධයක් ගැනීමෙන් පසු ද අනුභව කරන කිරි, මෝරු ආදි පානය ; අනුපානය.
ප්රතිවාහි කපාටය
(පාරිභා.) නා. (භෞති.) ජල නළ යෙදීමේ දී ජලය ආපසු වහනය වන අවස්ථාවල දී එය තෙරපීම වැළැක්වීමේ අදහසින් භාවිත කරනු ලබන කපාට විශේෂයක්.
ප්රතිවේදය
1. නා. තේරුම් ගැනීම ; අර්ථාවබෝධය.
2. ප්රකාශය ; ප්රතිවේදනය.
ප්රතිවේධ
1. නා.ප්ර. ලෝකෝත්තර මාර්ගඵල ආදියට පැමිණීම ; අධිගමය ; මාර්ගඵලාවබෝධය.
2. ගැඹුරු නුවණ ; අන්තර්ඥානය ; අවබෝධාත්මක දර්ශනය.
ප්රතිශක්ත
(පාරිභා.) වි. ප්රතිශක්තිය ඇති ; විගතිකාරක.
ප්රතිශක්තිකරණය
(පාරිභා.) නා. රෝග මර්දන ශක්තිය ඇති කිරීම ; විගනීකරණය.
ප්රතිශක්තිය
නා. යම්කිසි රෝගයකට ඔරොත්තු දීම පිණිස සිරුරෙහි පහළ වන ශක්තිය ; රෝග බාධක හැකියාව.
ප්රතිශතය
(පාරිභා.) නා. දෙන ලද ප්රමාණයක දත්තමය සියයේ කොටස් ගණනක් ගැනීමෙන් ලැබෙන ඵලය.
ප්රතිශ්යාව
නා. ඝ්රාණ රෝග විශේෂයක්; සෙම් සොටු, කඳුළු ගැලීම් ලක්ෂණ කොට ඇති රෝගයක් ; හෙම්බිරිස්සාව.
ප්රතිශ්රැත
වි. පොරොන්දු වූ ; සම්මත වූ ; එකඟ වූ.
ප්රතිශ්රෝත
වි. විරුද්ධ පැත්තට යන.
ප්රතිශ්රෝතය
නා. පහළට ගලා යන දිය පහරේ විරුද්ධ අත ; ඔයේ උඩු අත ; උඩුගං.