සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 109
අනුගීතිය
නා. සූත්රාන්තයක ගද්‍යයෙන් පැවසූ අර්ථයට ගැළපෙන අර්ථ සංග්‍රහ කොට පසුව දැක්වෙන ගාථාව.
අනුගුණ
වි. සමාන ගුණ ඇති; හුරු; අනුකූල; එකඟ.
අනුගෘහිත
වි. අනුග්‍රහ කරන ලද; සංග්‍රහ කරන ලද; උපකාර කරන ලද.
අනුචරිත
වි. නැවත නැවත හැසිරුණු; ගැවසුණු ආකීර්ණ
අනුච්ඡදය
(පාරිභා.) නා. ගවේෂණය පිණිස වෙන්කොට ගත් ශාක ප්‍රදේශයක් (=transect).
අනුචාර
නා.ප්‍ර. අනුව හැසිරීම; අනුගමනය.
අනුජ
වි. පසුව උපන්; දෙවනු ව උපන්; බාල.
නා.ප්‍ර. ප්‍රචාරණය පිණිස තෝරාගත් ශාකයකින් ග්රාහක කඳකට බද්ධ කරන අංකුරයක් හෝ අංකුර කිහිපයක් සහිත කුඩා රිකිල්ල.
අනුජඞ්ඝාස්ථිය
නා. ජඞ්ඝාවෙහි හෙවත් කෙණ්ඩයෙහි වූ අස්ථිය හා එක් ව බැඳුණු කුඩා නලකාස්ථිය.
අනුජයා
නා. පසුව උපන් තැනැත්තා; බාල සොහොයුරා.
අනුජාත
1. වි. පසු ව උපන්; බාල.
2. වි. කුල පරම්පරාව හා සම්පත්තිය රැක ගනිමින් මව්පියන් හා සම ව සිටින ලෙසින් උපන්.
අනුජීවකයා
වි. යමකු යටතෙහි ජීවත් වන්නා; උපජීවියා.
අනුඥාත
වි. අනුදන්නා ලද; අවසර දෙන ලද; අනුමත කරන ලද.
අනුඥාව
1. නා. අනුදැනීම; අවසර දීම; අනුමතිය; කැමැත්ත.
2. නා. නියමය; අණ.
අනුට්ඨාන සෙය්යාව
නා. නැවත නොනැඟිටින සේ සයනය කිරීම; නැඟිට ගත නොහැකි සේ ඔත්පල වීම.
අනුට්ඨානය
1. නා. නොනැඟිටීම.
2. නා. උත්සාහ නොකිරීම; වීර්ය නොකිරීම.
3. නා. ක්‍රියාවෙහි යෙදීම; සංවිධානය.
අනුටීකාව
නා. ටීකා ග්‍රන්ථයක ඇති දුරවබෝධ ස්ථාන සරල කර දැක්වීමට ලියූ ව්‍යාඛ්‍යාව.
අනුතප්ත
1. වි. රත් වූ; ගිනියම් වූ.
2. වි. පසුතැවිලි වූ.
අනුතර්කණය
නා. නැවත තර්ක කිරීම; යමක් අනු ව කල්පනා කිරීම.
අනුත්තර
1. වි. වඩා උසස් කෙනෙකු නැති; වඩා උසස් දෙයක් නැති; අති උත්තම; සර්ව ශ්‍රේෂ්ඨ.
2. වි. උත්තර නැති; පිළිතුරු දිය නොහැකි.
අනුත්තරියධර්ම
නා.ප්‍ර. උත්තරීතර අන් කිසිවක් නැති; උත්තම ධර්මය හෙවත් දෙය; අත්‍යුත්කෘෂ්ට වශයෙන් සලකන ලද්ද.
අනුත්තාන
1. වි. නොපැහැදිලි.
2. වි. අප්‍රකට; ගූඪ.
3. වි. උඩුකුරු නොවූ; යටිකුරු.
නා.ප්‍ර. නොනැඟිටීම.
අනුත්පත්තික
වි. නොඋපන්; මතු නොඋපදනා.
අනුත්පත්තිය
නා. නො ඉපදීම; නොහටගැන්වීම.
අනුත්පන්න
වි. නොඋපන්; නොහටගත්; ජනිත නොවූ.