සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 108
අනුකිරිය
නා.ප්‍ර. (කිසියම් ක්‍රියාවකට) සමාන ක්‍රියාව; ක්‍රියාවක් හා සදෘශ කොට කරනු ලබන ක්‍රියාව; අනුකරණය.
අනුකූරු
වි. සමාන; අනුකාරි.
අනුකූල
වි. අනු ව පවත්නා; අනුරූප; යෝග්‍ය; ගැළපෙන; අවනත.
අනුකූල අභිජනනය
(පාරිභා.) නා. නුමුහුන් ව අභිජනනය වීම (=breeding true).
අනුකූලචාරිණී
වි. (සැමියාට) එකඟව හෙවත් අවනතව හැසිරෙන.
අනුකූලතාව
නා. එකඟ බව; අනුරූපතාව; පක්ෂපාත බව; අවනත බව.
අනුකූලනය
1. නා. එකඟ වීම; ගැළපෙන සේ පැවතීම.
2. (පාරිභා.) නා. අලුත් දේශගුණයකට හෝ පරිසරයකට හෝ පුරුදු කිරීම.
අනුකෘත
වි. අනුව කළ; අනුරූප ව කළ, සමානව කළ.
අනුකෘත්යය
1. නා. අනු ව කරන දෙය; අනුකූල ව අනිකකු කරන කාර්යය.
2. නා. අප්‍රධාන කටයුත්ත; සුළු වැඩය.
අනුකෘතිය
1. නා. (යම් කිසිවකට) අනු ව කළ දෙය; අනුකරණය; සාදෘශ්‍යය.
2. (පාරිභා.) නා. ආරක්ෂාව පිණිස එක් විශේෂයක් අනික් විශේෂයක වර්ණය, ව්‍යූහය හා ගති භාර ගැනීම (=mimicry).
අනුගත
වි. අනුව ගිය; එක් ව ගිය; අනු ව පවත්නා.
අනුගතික
වි. අනු ව යන; අනුකූල.
අනුගතිය
නා. අනු ව යෑම; අනුගමනය; අනුකරණය.
අනුගම්‍ය
වි. අනුගමනය කළ යුතු; අනු ව යා යුතු; අනුකරණයට සුදුසු.
අනුග්‍රහ කාලය
නා. (පොරොන්දු පරිදි නියමිත දිනෙන් පසු ව යම් කාර්යයක් ඉටු කිරීමට ඉඩ දෙන) සහන කාලය.
අනුග්‍රහ බුද්ධිය
නා. අනුකම්පා සහගත ව යමක් ඉටුකර දීමේ චේතනාව; අනුග්‍රහ කිරීමේ බලාපොරොත්තුව.
අනුග්‍රහණය
නා. උපකාර කිරීම; අනුග්‍රහ කිරීම.
අනුග්‍රහය
1. නා. උදවුව; උපකාරය.
2. (රෝ.ක.) නා. ආශීර්වාදය.
අනුග්‍රාහක
වි. අනුග්‍රහ කරන; උපකාරක; ආධාර දෙන.
අනුග්රාහ්ය
වි. අනුග්‍රහ කටයුතු.
අනුගාමි
1. වි. අනු ව යන.
2. (පාරිභා.) වි. පිළිවෙළින් යෙදුණු; අනුපූර්ව.
අනුගාමිනි
1. වි. අනුගාමික; කැටුව යන; අනු ව යන; එක්ව යන.
2. (පාරිභා.) වි. පිළිවෙළින් යෙදුණු; අනුපූර්ව.
අනුගාමීසඞ්ඛ්යා
(පාරිභා.) නා.ප්‍ර. පිළිවෙළින් යෙදී ඇති සංඛ්‍යා; අනුපූර්වයෙන් සිටින සංඛ්‍යා.
අනුගායනාව
නා. ගායනයකට අනු ව කරන ගායනය; එක්ව කරන ගායනය.