සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 107
අනු
උ. පසුව, කැටුව, සමඟ, නැවත, පාසා, පිළිවෙළින්, සමාන, එකඟ, සුදුසු, දෙවැනි, අප්‍රධාන, උප, කුඩා, ආසන්න, සමීප, යටතෙහි යන අර්ථවල යෙදෙන උපසර්ගයක්.
වි. අනු ව යන; අනුගත; අනුකූල.
අනු අත්සන
නා. අත්සන් තබන ලද ලියවිල්ලක් සහතික කරනු වස් තබන දෙවැනි අත්සන.
අනුකථනය
1. නා. කියන ලද්දක් නැවත කීම; පුනර්වචනය.
2. නා. පවසන ලද්දක් පිළිබඳව කතා බහ කිරීම; සාකච්ඡාව.
අනුකථාව
නා. පසුව කරන කථාව; පවත්වන ලද කථාවක් හෝ දේශනයක් අනු ව විවරණ වශයෙන් හෝ ඌනපූරණ වශයෙන් හෝ කරනු ලබන දේශනය.
අනුකම්පා
වි. අනුකම්පා කළ යුතු.
අනුකම්පාව
නා. අනුන්ගේ දුකෙහි දී සිත කම්පා වීම; පර හට පැමිණි විපතේ දී ළය මෙළෙක් වන ගතිය.
අනුකරණ ශබ්දය
නා. කරනු ලබන ශබ්දයට හෝ නැගෙන හඬට අනු ව ශබ්ද කාරකය හැඳින්වීමට යොදන නාමය (කිකිණි, ගිගිරි ආදිය මෙනි).
අනුකරණය
1. නා. අනුන් කළ දෙයක් බලා ඒ අනුව ක්‍රියා කිරීම.
2. නා. සමාන වශයෙන් ගන්නා ප්‍රධාන ශබ්දය.
අනුකර්ෂණය
1. නා. ඇද ගැනීම; ආකර්ෂණය.
2. (ව්‍යාක.) නා. ව්‍යාකරණයෙහි පසු සුත්‍රයෙන් පෙර සූත්‍රයට යොමු කිරීම.
අනුකලනය
(පාරිභා.) නා. චක්රයකින් වැසුණු ප්‍රදේශයක ක්ෂේත්‍ර ඵලය; චක්රයක දිග ආදිය සෙවීමේ ක්‍රමයක්; අවකලනයේ ප්‍රතිලෝමය (=integration).
අනුකලාව
නා. දිග මැනීමේ මිම්මක්; වඩු අඟුලෙන් දහසයෙන් කොටස; කලාවෙන් සතරෙන් පංගුව.
අනුක්ඛිත්ත
වි. (විනය.) උක්ඛේපනීය කර්මය නොකරනු ලැබූ; උකෙව්නීකම නොලත්; පිට මං කිරීමේ දඬුවමකට හසු නොවූ.
අනුක්ත
1. වි. උක්ත නොවූ; නොකියූ; ප්‍රකාශ නොකළ.
2. (ව්‍යාක.) වි. සමාස, තද්ධිත, ආඛ්‍යාත, කිතක යන පදයකින් උක්ත නොවූ.
අනුක්ත කර්මය
නා. (ව්‍යාක.) ක්‍රියා පදයෙන් හෝ කෘදන්ත පදයෙන් උක්ත නො වී වාක්‍යයක යෙදෙන කර්ම විභක්ති රූපය.
අනුක්තකර්තෘ
නා.ප්‍ර. (ව්‍යාක.) වාක්‍යයක ක්‍රියා පදයෙන් හෝ කෘදන්ත පදයෙන් උක්ත නොවී යෙදෙන කර්තෘ විභක්ති පදය.
අනුක්ෂුද්ර
වි. පිළිවෙළින් (එකිනෙකට ) කුඩා; ඉතා කුඩා; ඉතා සුළු.
අනුක්‍රම
1. වි. ක්‍රමයෙන් වැඩිවන; පිළිවෙළින් පවත්නා,
2. (පාරිභා.) වි. දිගු කලක් තිස්සේ ඉතා හිමින් සිදුවන; දීර්ඝකාලීන.
නා.ප්‍ර. පිළිවෙළ; අනුපිළිවෙළ.
අනුක්‍රමණය
1. නා. පිළිවෙළින් යෑම; අනු පිළිවෙලින් පැවතීම.
2. (පාරිභා.) නා. බෑවුම, බෑවුමේ ප්‍රමාණය.
3. (පාරිභා.) නා. ආනතිය.
අනුක්‍රමණිකාව
1. නා. ග්‍රන්ථයක ඇතුළත් ප්‍රධාන කරුණු පිළිවෙළින් දක්වන ආරම්භක සටහන; පටුන.
2. නා. අකාරාදි පිළිවෙළින් සකස් කළ වචන මාලාව; සූචිය.
අනුක්රමාඞ්කනය
[අනුක්‍රම + අඞ්කනය]
නා. පිළිවෙළින් වූ සලකුණ; කෝදුවක අඟල්, අඩි යාර දැක්වීමට අනුපිළිවෙළින් යොදා ඇති රේඛා ලකුණ.
අනුක්‍රමික
වි. නියම පිළිවෙළට සකස් වූ; ක්රමානුකූල; ක්රමික; විධිමත්.
අනුක්රියාව
නා. සමාන ක්‍රියාව; අනුකරණය; යම්කිසිවකට අනු ව හෙවත් අනුකූල ව අනිකකු කරන ක්‍රියාව; අනුලෝමය.
අනුකාරය
නා. යමක් අසා සිට හෝ බලා සිට හෝ ඒ සමානව ම කිරීම; අනුකරණය.
අනුකාර්ය
1. නා.ප්‍ර. (ව්‍යාක.) අනුකරණය කළ යුතු වූව; අනු ව කළ යුත්ත.
2. නා.ප්‍ර. අනුකරණ ශබ්දයෙන් කියැවෙන ශබ්දය; අනුකරණ ශබ්දය කරණ කොට ගෙන සදෘශ කරනු ලබන ශබ්දය.