සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 106
අනිවාරිත
වි. නොවළක්වන ලද; බාධා නොකරන ලද.
අනිවෘත
වි. කාමාදියෙන් කිලුටු නොවූ; අක්ලිෂ්ට.
අනිවෘත්ත
වි. නොනැවතුණු; ආපසු නොහැරුණු.
අනිවේශිත
වි. ඇතුළත් නොකරන ලද; නිවේශනය නොකරන ලද.
අනිෂ්ට
1. වි. කැමැත්ත ඇති නොකරන; සතුට නූපදවන.
2. වි. නපුරු; දුර්විපාක ගෙන දෙන; අහිතකර; මඞ්ගල නොවූ.
අනිෂ්ට කර්මය
නා. යහපත් ප්‍රතිඵල ගෙන නොදෙන ක්‍රියාව; අයහපත් කාර්යය; අකුශල කර්මය.
අනිෂ්ට ප්‍රසඞ්ගය
නා. අනභිමත යෙදීම; අනපේක්ෂිත එක් වීම.
අනිෂ්ට සමෝධානය
නා. නොකැමති අය සමග එක් වීම; අනභිමත පුද්ගලයන් සමග ආශ්‍රය; අප්‍රිය සම්ප්රයෝගය.
අනිෂ්ටගණ
නා.ප්‍ර. (ඡන්ද.) කවි තැනීමෙහි දී සැලකෙන ගණ අට අතුරෙන් අශුභ යැයි සම්මත ජ, ර, ස සහ ත යන ගණ සතර.
අනිෂ්ටාර්ථය
[අනිෂ්ට + අර්ථය]
නා. අදහස් කළ දෙයට විරුද්ධ තේරුම; අදහස් නොකළ තේරුම.
අනිෂ්ටාලම්බනය
[අනිෂ්ට + ආලම්බනය]
නා. ප්‍රිය බවක් නූපදවන අරමුණ; දුඃඛ වේදනාවට කාරණ වූ ආරම්මණය.
අනිෂ්පත්තිය
නා. සිද්ධ නොවීම; කටයුතු ඉටු නොවීම.
අනිසම
වි. හදිසි අවස්ථාව; අහම්බය.
අනිස්තිර
(කථා.) වි. ස්ථිර නොවන; වෙනස්වන සුලු; කල් නොපවතින; තාවකාලික.
අනිස්සිත
1. වි. අනිශ්‍රිත, තෘෂ්ණා, දෘෂ්ටි දෙකින් ඇසුරු නොකරන ලද.
2. (විනය.) වි. නිස සමාදන් වීමෙන් මිදුණු; ඇදුරු කෙනෙකු ඇසුරු නොකළ.
අනිසි
වි. නිසි නොවන; නුසුදුසු; උචිත නොවන.
අනිහිත
වි. (විනය.) නොතබන ලද; ඉවත නොලන ලද.
අනීකට්ඨයා
1. නා. සෙබළා; යුද්ධ භටයා.
2. නා. රජුගේ පෞද්ගලික ආරක්ෂක භටයා; අඞ්ගාරක්ෂකයා; රජගෙය රකින භටයා.
අනීකය
1. නා. යුද්ධ සේනාංකය; බල ඇණිය.
2. නා. යුද්ධය; සටන.
3. නා. ක්රමික ව ඉදිරියට ගමන් කරන භට කණ්ඩායම.
අනීතික
1. වි. නීතියට එකඟ නොවන; නීත්‍යනුකූල නොවන්නා වූ; නීති විරෝධී.
2. වි. රීති රහිත; උවදුරු නැති; පීඩා නැති.
අනීප්සිත
වි. කැමති නොවන ලද; අපේක්ෂා නොකරන ලද; අනභිමත; අනපේක්ෂිත.
අනීශ
වි. ප්රධානයකු නැති; අධිපතියකුගෙන් තොර.
අනීශ්වර
1. වි. අධිපතියකු නැති; නායකයකු නැත්තා වූ.
2. වි. සර්වබලධාරී දෙවියකු ඇතැයි නොඅදහන; අදේවදෘෂ්ටික.
අනීශ්වරවාදය
නා. සර්වබලධාරී දෙවියකු විසින් ලෝකය මවා පරමාධිපත්‍යය ඇති ව පාලනය කරනු ලැබීමක් නැතැයි යන මතය; අදේව වාදය.