සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 105
අනියම්නිවාඩු
නා.ප්‍ර. හදිසි කටයුත්තක් සඳහා ආගන්තුක වශයෙන් ගන්නා නිවාඩු (=casual leave).
අනියමාර්ථය
නා. නිශ්චිත නැති බව අඟවන අරුත; අසම්භාව්‍ය ක්‍රියාව යෙදෙන අර්ථ දෙකෙන් එකක්.
අනියමිත සංචිතය
(පාරිභා.) නා. නීත්‍යනුකූල නොවූ සංචිතය හෙවත් රැස් කරන ලද ධනය (=non-legal reserve).
අනියා
නා.ප්‍ර. අයුක්තිය; වැරැද්ද; අනීතිය.
වි. අයුතු; වැරදි; අයුක්තිසහගත; සාවද්‍ය.
අනියා කැබැලි
නා.බහු. අයුතු ලෙස අල්ලාගත් බිම් කොටස්; නීති විරෝධී ලෙස අයිති කර ගත් ඉඩම් කැබලි.
අනියායම
(කථා.) නා. අයුක්තිය; අසාධාරණය; අපරාධය; අවනඩුව; වැරැද්ද.
අනිර්ණේයතාව
(පාරිභා.) නා. නිර්ණය කළ නොහැකි බව; නිත්‍ය අගයක් නැති බව.
අනිර්දිෂ්ට
1. වි. නොදක්වන ලද; පෙන්වා නොදෙන ලද්දා වූ.
2. වි. නිර්දේශ නොකරන ලද; නිර්දිෂ්ට නොවූ.
අනිර්මිත
වි. නොනිමවන ලද; නිර්මාණය නොකරනු ලැබූ.
අනිර්වාපණිය
වි. නිවාලිය නොහැක්කා වූ.
අනිර්වාහක
(පාරිභා.) වි. සන්නයනය නොකරන, වහනය නොකරන; අසන්නායක; අප්රවාහී.
අනිරාකෘත
වි. නොවළක්වන ලද; බාධා නොකරන ලද්දා වූ.
අනිරාස්වාද
වි. අසතුටු නොවූ; අතෘප්තියට නොපැමිණි.
අනිරුද්ධ
වි. නොවළක්වන ලද; බාධා නොකරන ලද්දා වූ; නොසඟවන ලද.
නා.ප්‍ර. බාධා නොකරන ලද දෑ.
අනිල
1. නා.ප්‍ර. සුළඟ; වාතය; මාරුතය.
2. නා.ප්‍ර. අහස; ආකාශය; ගුවන.
3. නා.ප්‍ර. සා නැමැති නැකත.
අනිල ප්‍රස්තාරය
(පාරිභා.) නා. අනිල දර්ශකයෙන් ලැබෙන සුළං වේග සටහන.
අනිලදර්ශකය
(පාරිභා.) නා. සුළං වේගය හා සුළං හමන දිශාව සටහන් කරන උපකරණය.
අනිලපථය
නා. අහස; ආකාශය.
අනිලමානය
(පාරිභා.) නා. සුළඟේ වේගය මැනීම සඳහා භාවිත වන උපකරණය (=anemometer).
අනිවතුන්
වි. නොනවත්වන; නැවැත්විය නොහැකි; අවශ්‍යයෙන් යා යුතු.
අනිවරණ
1. වි. වැළැක්වීමක් නැති; අතරමඟ නැවතීමක් නැත්තා වූ; වළක්වාලිය නොහැක්කා වූ.
2. වි. නීවරණ වලින් තොර; පඤ්ච නීවරණයෙන් මිදුණු.
අනිවර්තිත
වි. ආපසු නොහරවන ලද; නොනැවැත්වූ; නවත්වන්නට බැරි.
අනිවාර්ය
1. වි. වැළැක්විය නොහැකි; නිවාරණය කළ නොහැකි; නවතාලිය නොහැකි.
2. (පාරිභා.) වි. එක ම ක්‍රමයකට ජීවත් වන හෝ ක්‍රියා කරන; වැළැක්විය නොහැකි හෙවත් අවශ්‍යයෙන් ම විය යුතු.
නා.ප්‍ර. වැළැක්විය නොහැකි දෙය; නොවැරැදී ම සිදුවන දෙය.
අනිවාර්ය විෂය
නා.ප්‍ර. පරීක්ෂණයක් සඳහා ගත යුතු ම වූ විෂය; විභාගයකින් සමත් වීම සඳහා අත්‍යවශ්‍යයෙන් ම සමත් ලකුණු ලබා ගත යුතු විෂය.