සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 104
අනිබද්ධ චාරිකාව
නා. එක් විශේෂ පුද්ගලයකු නියම කොට නොගෙන ලෝවැඩ සඳහා ගම් නියම්ගම් සිසාරා පිළිවෙළින් සැරිසැරීම; අතුරිත චාරිකාව.
අනිබද්ධ සයනය
නා. ස්ථිර නොවූ නිදන තැන; නිත්‍ය නොවන සයන ස්ථානය.
අනිබද්ධවාස
වි. එක් තැනක නිරතුරු වාසයක් නොමැති; එක තැනක ස්ථිර ලෙස නොවසන.
අනිමන්ත්රණ බත
නා. ආරාධනා නොකොට පිළිගැන්වූ භෝජනය; ආගන්තුක භෝජනය.
අනිමිත්ත
වි. නිමිති නැති; අරමුණු නැති; හේතු රහිත.
අනිමිත්ත ධාතු
නා.ප්‍ර. නිවන; නිර්වාණ ධාතුව.
අනිමිෂ
වි. ඇසිපිය නොහෙළන; නිමේෂ රහිත.
අනිමිසලෝචන පූජාව
නා. ඇසිපිය නොහෙළා බලා සිටීමෙන් කරනු ලබන උපහාරය.
අනිමේෂයා
නා. ඇසිපිය නොහෙළන නැතැත්තා; දිව්‍ය යෝනියකට අයත් තැනැත්තා; දෙවියා.
අනිය
1. (කථා.) නා. හානිය; කරදරය; අකරතැබ්බය.
2. නා. නීති කඩ කිරීම.
අනියත
1. වි. නියත නොවූ; අවිනිශ්චිත; ස්ථිර නොවූ
2. වි. වෙනස් වනසුලු.
නා.ප්‍ර. (විනය.) පාරාජිකා, සංඝාදිසේස, පාචිත්තිය යන තුන් ආපත්ති වර්ගය අතුරින් කවර එකකට අසු වේ දැයි නියත ලෙසින් කිය නොහැකි ඇවැත.
අනියත චලනය
(පාරිභා.) නා. වෙනස් වනසුලු චලනය; සෑම විට ම ඒකාකාර ව නොපවත්නා චලනය (=variable motion).
අනියත ප්‍රයෝගය
නා. (ව්‍යාක.) ස්ථිර ලෙසින් නොවන ප්‍රයෝගය හෙවත් යෙදුම.
අනියත මිථ්‍යා දෘෂ්ටිය
නා. ශාස්වත හෝ උච්ඡේද හෝ වශයෙන් දැඩි ව නොගත් මිථ්‍යා දෘෂ්ටිය; ගුරුවරුන්ගේ අවවාද අනුශාසනයෙන් අත්හැරිය හැකි මිථ්‍යා දෘෂ්ටිය.
අනියත විවරණය
නා. බුදු වන්නට හේතු වාසනා ඇතැයි පූර්ව බුදුවරයකු විසින් (නියත විවරණ ලැබීමට පෙර) බෝධිසත්වවරයකුට කරන ප්‍රකාශය.
අනියතගතික
වි. මරණින් මතු අසවල් තැනක ප්රතිසන්ධිය ලබන්නේ යැයි නිශ්චය වශයෙන් කිව නොහැකි.
අනියම
වි. නියම හෙවත් නිශ්චය නැති; ඒකාන්ත නොවූ; අනිශ්චිත.
අනියම භාගය
(පාරිභා.) නා. හරයට වඩා ලොකු හෝ හරය හා සමාන හෝ ලවයක් ඇති භාගය; විෂම භාගය(=improper fraction).
අනියම්
1. වි. නියම නැති; නිශ්චය නැති; අහම්බෙන් ඇති වන.
2. වි. නීති විරෝධි; නීත්‍යනුකූල නොවූ; ක්‍රම විරෝධි.
අනියම් ඇලපත
නා. වැවක වතුර මුර බෙදාගෙන ගොවිතැන් කරන කාලයෙහි කුඹුරු යායක ඉහළ පැත්තෙන් සහ පහළ පැත්තෙන් තාවකාලිකව වෙන් කරනු ලබන බිම් තීරය.
අනියම් කම්කරුවා
නා. ස්ථිර සේවයෙහි නො යෙදී අවස්ථාවක් ඇති වූ විට පමණක් වැඩ කරන කම්කරුවා.
අනියම් කියමන
(පාරිභා.) නා. (නීති.) නඩුවක දී විනිශ්චයකාරයකු විසින් නීතිය පිළිබඳ කරුණක් ගැන ආගන්තුක වශයෙන් කරන ප්‍රකාශය (=casual dictum).
අනියම් රුජාව
නා. ප්‍රසව රුජාව ඇති වීමට පෙර ගර්භණියකගේ උදරයෙහි වරින් වර ඇති වන වේදනාව.
අනියම් සිතාසි දීම
නා. (නීති.) නියම ලෙස සිතාසි බාර දීම සඳහා නඩුවක විත්තිකරුවකු සොයාගත නොහැකි අවස්ථාවක දී අවිධිමත් ලෙස එය භාරදීම; ආදේශික බාරදීම (=substituted service).