සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1138
ඵස්සය
නා. පහස ; ස්පර්ශය ; යම් අරමුණක තැවරීම් ලක්ෂණයෙන් සිතෙහි උපදින ගතිය.
ඵස්සායතනය
නා. පහස පිළිබඳ වූ (චක්ඛු සෝත ආදි) හය වැදෑරුම් ආයතන.
ඵළික
නා.ප්‍ර. පළිඟු ; පළිඟු මිණ ; පිළිමිණි ; ස්ඵටික.
ඵළිකයා
නා. (රජමැදුරට) පළිඟු මැණික් සපයන්නා.
ඵාණිත
1. නා.ප්‍ර. පැණි හකුරු.
2. උක්පැණි ; උක්හකුරු.
ඵාසු
වි. අමාරු නැති ; ලෙහෙසියෙන් ලැබෙන ; පහසු
1. නා.ප්‍ර. අමාරු නැතිකම ; ලෙහෙසිය ; සුවසේ (යමක්) ලැබීම.
2. සුවය ; සැපය ; සැප විහරණය.
ඵුප්ඵුස කෝෂය
නා. ගොළු බෙල්ලාගේ ශ්වාසපුටය සහිත කුහරය.
ඵුප්ඵුසය
නා. පෙනහැල්ල.
ඵුප්ඵුසීය ධමනිය
නා. දකුණු හෘත්කෝෂිකාවෙහි විහිදෙන විශාල රුධිරවාහිනිය.
ඵුල්ල
1. වි. පිපුණ ; විකසිත වූ.
2. පිපුණුමලින් පිරුණු ; මලින් ගැවසී ගත්.
3. බිඳුණු ; පලුදු වුණු ; පැලී ගිය.
ඵුල්ලය
නා. පිපුණු මල ; විකසිත කුසුම.
ඵුලිඞ්ගය
නා. ගිනිපුපුර.
ඵොට්ඨබ්බය
නා. පහස ; ස්පර්ශය.
ඵොස්පරස්
නා.ප්‍ර. අඳුරෙහි ආලෝකවත්ව දිලිසෙන කහපැහැ ඉටි වැනි අලෝහ මූල ද්‍රව්‍යයක්.
බ
මිශ්‍ර සිංහල හෝඩියේ හතළිස් අට වන අකුර ; ප-වර්ගයේ තුන් වන අකුර.
බංකුව
1. නා. කීපදෙනකුට එකවර හිඳ ගැනීමට හැකිවන සේ තනන ලද දිග ආසන විශේෂය.
2. කුඩා මිටි ලෑලි අසුන ; කොලොම්බුව.
3. කාර්මිකයකුගේ වැඩ මේසය.
බංකොලොත්
වි. ණයතුරුස් ගෙවා ගැනීමට බැරි තත්ත්වයට පැමිණි ; වස්තු භංගත්වයට පත්.
බංග කරනවා
ක්‍රි. නැති කරනවා ; වනසනවා ; විනාශ කරනවා ; සුණු විසුණු කරනවා.
බක
1. නා.ප්‍ර. ජල ආශ්රිත පක්ෂියෙක් ; කොකා.
2. ශාස්වත දෘෂ්ටිය වැළඳ ගත් බ්‍රහ්මයකුගේ නාමය.
වි. ලොකු ; මහා ; පමණට වඩා විශාල.
බකතපස්
නා.ප්‍ර. කූට තාපස ව්‍රතය.
බකල
වි. දෙපසට වක් වී ගිය පාද සහිත ; විකෘත වූ දෙපා සහිත.
බක්
නා.ප්‍ර. චන්ද්‍ර මාස ක්රමයේ පළමුවැනි මාසය ; සිංහල අවුරුද්ද පටන් ගන්නා මාසය.
බක්කර
නා. වෘත්තියක් වසයෙන් පාන් පෝරණුවෙහි වැඩ කරන්නා ; පාන්, කේක් ආදිය පුලුස්සන්නා.
බක්කිකරත්තය
නා. ඉඳගැනීම සඳහා බක්කියක් වැනි කොටසක් සහිත ගොන් කරත්තය.