සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1139
බක්කිය
1. නා. කඩයක ධාන්‍ය සිල්ලර බඩු ආදිය සඳහා ගැනෙන වඩා නොගැඹුරු විවෘත පෙට්ටිය.
2. ආහාර දැමීම සඳහා භාවිත කෑම ඔරුව
3. බක්කි කරත්තය.
බකූස්සනවා
ක්‍රි. කෝපයෙන් රවාගෙන සිටිනවා ; අසතුටු මුහුණින් බලා සිටිනවා.
බග
1. නා.ප්‍ර. චන්ද්‍ර මාස ක්රමයේ පළමුවන මාසය ; බක් මාසය.
2. භාග්‍යය ; වාසනාව ; පින්වත්බව.
3. කොටස ; භාගය ; පංගුව.
4. ස්ත්‍රී නිමිත්ත ; යෝනිය.
බගණය
නා. කාව්‍යශාස්ත්‍රයේ ගණ අටෙන් එකක නාමය ; (පිළිවෙළින් ගුරක් හා ලඝු දෙකක් ඇති ගණය) චන්ද්‍ර ගණය.
බගවත්
නා.ප්‍ර. භාග්‍යවතුන් වහන්සේ.
වි. පින්වත් ; භාග්‍යවන්ත ; අතිඋතුම් ; මහෝත්තම.
බගවාලෙන
නා. බුදුරදුන් සිරිපා අඩවියට වැඩමවූ අවස්ථාවෙහි දිවා විහරණය කළැයි සැලකෙන ලෙන ; දිවාගුහාව.
බගිරිනකය
නා. අභයගිරි නිකාය ; අනුරාධපුර රාජ්‍ය සමයේ දී අභයගිරි මහා විහාරය මූලස්ථානය කොට පැවැති නිකාය.
බඟහර
නා.ප්‍ර. සුරාව ; මත්පැන්.
බජිරි
නා.ප්‍ර. මෙනේරි ගණයට අයත් සිහින් ඇට සහිත ධාන්‍ය වර්ගයක්.
බජුන්
නා.ප්‍ර. බඳුන ; වළඳ ’ භාජනය ; තලිය.
බට
නා.ප්‍ර. ඇතුළත කුහර සහිත පුරුකින් සැදුණු තෘණ පඳුරු විශේෂයක්.
බට පොතු
නා.ප්‍ර. වට්ටි, කූඩ ආදිය විවීම පිණිස බට ගසේ දණ්ඩ පළා සකස් කරගන්නා පතුරු.
බටනළාව
නා. පිඹීම සඳහා බටදඬු පුරුකකින් තනාගන්නා සංගීත භාණ්ඩයක්; වස්දණ්ඩ.
බටය
නා. ඇතුළත දිගට විහිදෙන සිදුරු සහිත ස්වාභාවික හෝ කෘත්‍රීම නිර්මාණය ; නළය.
බටලීය
1. නා. බටගසේ දණ්ඩ.
2. ළිපට හුළං පිඹීම සඳහා ගනු ලබන බටය.
3. බටනළාව.
බටහිර
1. නා.ප්‍ර. අවරදිග ; බස්නාහිර ; අපරදිශාව.
2. යුරෝපය සහ ඇමෙරිකාව.
1. වි. බස්නාහිරින් පිහිටි ; බස්නාහිරට අයත්.
2. යුරෝපීය.
බටහිර සංස්කෘතිය
නා. යුරෝපා මහාද්වීපයෙහි සහ එක්සත් ජනපද-කැනඩා රාජ්‍යවල ජනයාගේ ශිෂ්ට සම්මත චාරිත්රවාරිත්ර හා ගුණධර්ම පද්ධතිය ; අපරදිග හැදියාව.
බට්ටා
නා. බිත්ති ඔර්ලෝසුවක එහා මෙහා පැද්දෙන වටකුරු කොටස.
බටු
නා.ප්‍ර. කුඩා ශාක වර්ගයක් ; එම ශාකයේ ඵල.
1. වි. බැස්ස; අවතීර්ණ වූ; අවරෝහණය වූ.
2. කුඩා ; පුංචි ; සිඟිති.
බඩ
1. නා. මිනිස් සිරුරේ පපු ප්‍රදේශයත් ලිංග ප්‍රදේශයත් අතර ප්‍රදේශය ; උදරය.
2. ආහාර ජීර්ණ පද්ධතියේ මුල් කොටස ; ආමාශය.
3. දරුබොක්ක ; මාතෘගර්භය.
4. යමක පිටට නෙරා ගිය කොටස ; බණ්ඩිය.
5. යාබද පෙදෙස ; අද්දර ; බද්ධ ප්‍රදේශය.
බඩ දඟලනවා
1. ක්‍රි. වමනය ගන්න.. යන්නට එනවා ; ඔක්කාරයට එනවා.
2. බලවත් පිළිකුලක් ඇතිවෙනවා ; තදබල අප්රියභාවයක් හටගන්නවා.
බඩ දනවා
1. ක්‍රි. බඩේ දැවිල්ලක් හටගන්නවා.
2. (රූඪි.) තද ශෝකයක් ඇති වෙනවා.
3. බය හිතෙනවා ; බියෙන් තැති ගැනෙනවා.
බඩ බැඳගන්නවා
1. ක්‍රි. බඩට තබා යමක් බඳිනවා ; බඩේ එල්ලා ගන්නවා.
2. ඉතා විශ්වාසීව ආශ්‍රය කරනවා ; බෙහෙවින් කුලුපග වනවා.
බඩ වඩනවා
ක්‍රි. තමන්ගේ වාසිය පමණක් තකා කටයුතු කරනවා ; උදරපෝෂණය කරනවා.