සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1137
ඵලකථන
වි. ප්රතිඵල කියන ; ඵලාඵල පවසන.
ඵලකය
1. නා. ලෑල්ල ; පුවරුව.
2. පලිහ.
3. තලය ; තැටිය.
4. ශරීරයේ මර්මයක්.
ඵලකාරී
වි. ක්රියාකාරී ; ක්රියාත්මක වන.
ඵලඤාණය
1. නා. ආර්ය මාර්ග නිමිතිකොට කෙලෙසුන් සන්සිඳීමේ නුවණ.
2. සෝවාන් සකෘදාගාමී ආදි ඵල කෙරෙහි යෙදුණු නුවණ.
ඵලදානය
1. නා. (ගිහියන්ගේ සිත් ගන්නට) ගන්නට) පැසුණු ලොකු කුඩා ගෙඩි ජාති දීම.
2. කර්මයට ලැබෙන ප්රතිඵලය ; සර්ව පලදීම ; කම්පල දීම ; කර්ම විපාකය.
3. (ගහකොළ) ගෙඩි හටගැනීම ; ගෙඩි ලබාදීම.
4. ප්රයෝජනවත් වීම ; ප්රතිඵල ලබාදීම.
ඵලදායී
වි. ප්රයෝජනවත් ; ප්රතිඵල දෙන ; ප්රතිලාභය සහිත.
ඵලදාව
1. නා. ගෙඩි ප්රමාණය ; හටගන්නා ඵල ප්රමාණය ; නිෂ්පාදිතය.
2. නිෂ්පාදනය; ප්රයෝජන ප්රමාණය ; උපයෝගතා ප්රමාණය.
ඵලපඤ්චකය
නා. ඵල පහේ කොටස ; විඥාන, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා යන පස් වැදෑරුම් ඵල.
ඵලපල්ලව
නා.ප්ර. ගෙඩි කොළ ආදිය.
ඵලප්රාප්තිය
1. නා. නිවන් මඟෙහි සෝවාන් ආදි ඵලයකට පැමිණීම.
2. අරමුණු දිනාගැනීම ; අරමුණු සාර්ථක කරගැනීම.
ඵලබීජය
නා. පැළ කිරීම සඳහා සිටුවන ගෙඩිය ; බීජය වසයෙන් භාවිත කෙරෙන ඵලය.
ඵලභූමි
නා.ප්ර. කුශලාකුශලයෙහි ප්රතිඵල වසයෙන් සත්වයා උත්පත්තිය ලබන ස්ථානය.
ඵලරුභ බෝධිය
නා. ගෙඩියෙන් හටගත් බෝධි වෘක්ෂය ; ඵලයෙන් (හෙවත් ඇටයෙන්) පැන නැඟණු බෝගස.
ඵලවිද්යාව
නා. ඵලවර්ග හා ඒවා හටගන්නා ගහකොළ ගැන හැදෑරීම.
ඵලවිපාක
නා.ප්ර. ඉෂ්ට හා අනිෂ්ට ප්රතිඵල ; සිදුවන හොඳ හා නරක ; පල අපල.
ඵලසමවත
නා. නිර්වාණය අරමුණු කොටගත් ඵල චිත්තයෙන් යුක්ත වාසය ; ඵල සමාධියට පැමිණීම.
ඵලස්ථ
1. වි. (සෝවාන් ආදි) ඵලයෙහි පිහිටියාවූ ; ඵලයට පැමිණි.
2. පිහිටියා වූ ; (හටගත්) ගෙඩි ඇති ; ඵල දරන.
ඵලස්ථයා
නා. ඵලයට පැමිණි පුද්ගලයා.
ඵලාඵල
1. නා.ප්ර. ලොකු කුඩා ගෙඩි වර්ග ; කුදු මහත් ගෙඩි ; පලතුරු ; පලවැල.
2. හොඳ නරක ප්රතිඵල ; සුභාසුභ විපාක.
3. ආර්ථික වාසි අවාසි ; ලාභ-අලාභ.
ඵලාරාම
නා.ප්ර. පලතුරු උයන්; පලතුරු වතු ; පල දරන ගසින් යුත් උද්යාන.
ඵලාසව
නා.ප්ර. අඹ දඹ කොස් ආදි ඵලවලින් ලබාගන්නා රසය.
ඵලිත
1. වි. පැසුණු ; ඉදුණු ; පල දරන.
2. ඇඟවෙන ; ලක්ෂ්ය වන ; මුඛ්ය වන.
3. (පාරිභා.) ප්රතිඵල වසයෙන් ඇති වන ; උපලබ්ධිවන්නා වූ.
4. පැළුණු ; පුපුරා ගිය.
1. නා.ප්ර. පැසුණු කෙස් ගස් ; නර කෙස්.
2. (අකලට) කෙස් පැසීමේ රෝගය.