සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1284
යථා සංස්කරණය
නා. අනු සැකසීම ; ප්රතිවිහිතය.
යථා සන්ථතිකාංගය
නා. භික්ෂූන් විසින් සමාදන් වන කෙලෙස් දූතාංගවලින් එකක් ; පළමුකොට ලැබුණු සෙනසුනෙහි ම වාසය කිරීමෙන් ආරක්ෂා කරගත යුතු ධූතාංගය.
යථාකාරය
යථාකාරි
වි. යම් සේ කරන ; කරන ආකාරය අනුව.
යථාතථ්යය
1. නා. ඉතා ම නිවැරදි බව ; සම්පූර්ණයෙන් ම හරි බව ; යථාර්ථතාව.
2. ඇති සැටිය ; නියම තත්ත්වය.
යථාධිගත
[යථා + අධිගත]
වි. යම් ලෙසකින් අවබෝධ කළ ; යම් අයුරකට තේරුම්ගත්.
යථානුරූප
වි. යෝග්ය පරිදි වූ ; සුදුසු ලෙසින් පවත්නා.
යථානුරූපී
[යථා + අනුරූපී]
වි. නියම හැඩය ගත්.
යථාපරිදි
ක්රි.වි. නියමිත ආකාරයෙන් ; සුදුසු ලෙස.
යථාපූර්ව ගංගාව
(පාරිභා.) නා. පෘථිවි ඛාදනය නිසා ගැලීම් රටාව වෙනස් වී නැවත යටි නැම්මක් ඔස්සේ ගලන ගංගාව.
යථාපූර්ව ජලවහනය
(පාරිභා.) නා. පෘථිවි පෘෂ්ඨය කැඩී බිඳී සේදීයාම නිසා සමාන්තර නැමි කඳු පන්තියක් ඔස්සේ ගංගා ගැලීමේ වෙනසක් සිදුවීමෙන් ඇති විය හැකි ජලවහන රටාව.
යථාභූත
වි. ඇති සැටියෙන් වූ ; තත්ත්වාකාරයෙන් සිදු වූ ; නියම ලෙසින් ඇති වූ.
යථාභූත ඥානය
නා. තත් වූ පරිදි වැටහෙන නුවණ ; යථා ස්වභාවය දක්නා නුවණ ; ඇති සැටිය දක්නා ඥානය.
යථායෝග්ය
වි. සුදුසු පරිදි ; නිසි ලෙස ; අවස්ථාවට උචිත.
යථාර්ථය
නා. නියම අර්ථය ; සැබෑ තත්ත්වය ; ඇති සැටිය ; සත්ය ස්වභාවය.
යථාර්ථවාදය
නා. යමක් නියම ලෙසින් සත්ය ස්වභාවයෙන් ඇති සැටියෙන් අගය කිරීමේ පිළිවෙත ; යම් සිද්ධියක් තත් වූ පරිද්දෙන් විමසා බැලීමේ න්යාය.
යථාරුචි
වි. කැමති පරිද්දෙන්.
යථාරූප ප්රක්ෂේපණය
(පාරිභා.) නා. සිතියමක කවර හෝ කුඩා කොටසක හැඩය පෘථිවිය මත අනුරූප කුඩා කොටස් සැටියට සමාන වන පරිදි සිතියම් ප්රමාණ කොට ඇඳීමේ ක්රමය.
යථාරූපය
නා. නියම ආකාරය ; ඇති සැටිය ; සත්ය ස්වභාවය.
යථාලම්බනය
[යථා + ආලම්බනය]
නා. අරමුණට අනුකූල වීම ; ආරම්මණයට සුදුසු පරිදි වීම.
යථාලාභය
නා. ලද පමණ ; ලැබුණු ප්රමාණය.
යථාවකාශයෙන්
ක්රි.වි. ඉඩ ලද සැටියෙන් ; අවකාශ ලත් ප්රමාණයෙන්.
යථාවබෝධය
[යථා + අවබෝධය]
නා. ඇති සැටිය දැනීම ; සැබෑ තත්ත්වය වටහා ගැනීම.
යථාසාදෘශ්යය
නා. යම්කිසි ප්රමාණයක සමානත්වය.