සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1298

යුත

1. වි. සන්ධි වූ ; එකතු වූ.
2. සමාන වූ ; වැනි වූ ; සදෘශ වූ.
3. ඇති ; සහිත ; යුක්ත.
1. නා.ප්‍ර. දිග මනින මිනුමක් ; රියන් සතරක ප්‍රමාණය.
2. සමූහය ;
3. යෙදුණු තැනැත්තා.

යුතු

1. වි. සුදුසු ; නිසි ; යෝග්‍ය.
2. යුක්ත ; යෙදුණු.
නි. වැනි ; මෙන් ; බඳු.

යුතුකම

නා. කළ මනා දෙය ; යමකුට අයත් කාර්යය ; කළ යුත්ත.

යුද ගණ

[යුද + අඟණ]
නා.ප්‍ර. යුද්ධ කරන එළිමහන් බිම ; යුද පිටිය ; රණබිම.

යුද බෙර

1. නා.ප්‍ර. යුද්ධයේ දී ගසන බෙර විශේෂයක් ; රණ බෙර.
2. යුදය හා සම්බන්ධ ව වාදනය කරනු ලබන බෙර තාල.

යුද සැට්ටය

නා. යුද සෙබළුන් උඩුකය වසා අඳින ඇඳුම ; උඩුකයේ සන්නාහය ; කවචය.

යුද සේවාව

නා. යුද්ධ හමුදාවට බැඳීමෙන් කරන රාජකාරිය ; යුද්ධ සේවය.

යුදදප

නා.ප්‍ර. සටනෙහි එඩිතර බව ; යුද්ධයෙහි වූ දර්පය.

යුද්ධ ආයුධ

නා.ප්‍ර. යුද්ධ සඳහා ගැනෙන කඩු, දුනු, තුවක්කු ; බෝම්බ. මිසයිල ආදිය ; යුද්ධායුධ.

යුද්ධ කාලය

නා. සටන් පවත්නා සමය ; සංග්‍රාම කෙරෙන අවස්ථාව.

යුද්ධ ඝෝෂාව

නා. යුද්ධයේ දී පැවැත්වෙන ගී ගැයුම්, යුද බෙර වැයීම් ආදිය ; රණ ගී හඬ ; රණ ඝෝෂාව.

යුද්ධ ටැංකිය

නා. යුද්ධ කිරීමේ දී භාවිත කරන යුද්ධෝපකරණ සහිත වෙඩි නොවදින ශක්තිමත් වාහන විශේෂයක්.

යුද්ධ තන්ත්‍රය

නා. යුද්ධ කිරීම පිළිබඳ ව උගන්වන ශාස්ත්‍රය ; සංග්‍රාම විද්‍යාව.

යුද්ධ තොප්පිය

නා. යුද්ධයේ දී සෙබළුන් පලඳින හිස් වැසුම.

යුද්ධ නායකයා

නා. යුද්ධයක් මෙහෙයවන ප්‍රධානයා ; යුද්ධ සේනාධිපතියා.

යුද්ධ නැව්තොට

නා. සංග්‍රාමය සඳහා යොදන සමුද්‍ර යාත්‍රා නවතා තබන වරාය.

යුද්ධ නීතිය

නා. රටක් තුළ අර්බුදකාරී අවස්ථාවල පනවන යුද්ධ නීතිය.

යුද්ධ නෞකාව

නා. මුහුදේ දී සටන් කිරීම සඳහා ඒ වෙනුවෙන් ම තනා ඇති යාත්‍රාව ; යුද්ධ නැව.

යුද්ධ ප්‍රකාශය

නා. යම් විරුද්ධ ජාතීන් දෙකක් හෝ රටවල් දෙකක් අතර සිදුකරන සටන් පිළිබඳ කරන දැන්වීම හෝ අභියෝගය ප්‍රකාශ කිරීම.

යුද්ධ භටයා

නා. යුද්ධ හමුදාවේ සාමාජිකයා ; හේවායා ; සෙබළා.

යුද්ධ භූමිය

නා. හමුදා යුද වදින තැන ; යුද පිටිය ; සංග්‍රාම භූමිය.

යුද්ධ භේරිය

නා. යුද්ධ හමුදාව කැඳවීමට වාදනය කෙරෙන බෙර විශේෂයක්; රණ බෙරය.

යුද්ධ රථය

නා. සටන් පිණිස යොදාගන්නා වාහනය.

යුද්ධ වන්දි

නා.ප්‍ර. යුද්ධයේ දී මියගිය හෝ තුවාල වූ හෝ දේපළ හානි වූ හෝ අවස්ථාවල දී ගෙවන සහන මුදල්.